මුගාබේ මැතිණිය 'පෙරළා' ගෙදර එයි!

ග්‍රේස් මුගාබේ දකුණු අප්‍රිකාවෙන් පළායාම නතර කිරීමේ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ග්‍රේස් මුගාබේ දකුණු අප්‍රිකාවෙන් පළායාම නතර කිරීමේ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක වී ඇත.

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ ගේ බිරිඳ ග්‍රේස් මුගාබේ දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වෙමින් සිටියේ " අප්‍රිකානු කලාපයේ පළමු කාන්තාවන්ගේ සමුළුවක්" නියෝජනය කිරීම පිණිසයි.

සිය සැමියා වන ජනාධිපති රොබට් මුගාබේ එහි පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වෙන අතරවාරයේ " අප්‍රිකානු කලාපයේ පළමු කාන්තාවන්ගේ සමුළුවට" සහභාගී වීම සිම්බාබ්වේ පළමු කාන්තාවගේ සැලැස්ම විය.

එහෙත් "සිම්බාබ්වේ පළමු කාන්තාව" එම සමුලුවටත් රහසින් ආපසු ගෙදර පැමිණ සිටින බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ලෝකයේ නිතරම කතාබහට ලක් වෙන රාජ්‍ය නායකයකු වන සිම්බාබ්වේ රාජ්‍ය නායකයාගේ බිරිඳ හදිසියේම ආපසු සියරට පැමිණ තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ ඇය රැඳී සිටි හෝටලයේ දී වෙනත් කාන්තාවකට පහර දී තුවාල සිදු කළ බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුවයි.

වාර්තා මගින් පැවසෙන ආකාරයට ග්‍රේස් මුගාබේ පහර දී ඇත්තේ ගබ්‍රියලා එංගල්ස් (Gabriella E ngels) නම් 21 හැවිරිදි නිරූපිකාවටයි.

ග්‍රේස් මුගාබේ පහර දී ඇත්තේ ගබ්‍රියලා එංගල්ස් (Gabriella E ngels) නම් 21 හැවිරිදි නිරූපිකාවටයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ග්‍රේස් මුගාබේ පහර දී ඇත්තේ ගබ්‍රියලා එංගල්ස් (Gabriella E ngels) නම් 21 හැවිරිදි නිරූපිකාවටයි.

තම දේශයේ පළමු කාන්තාව වන ග්‍රේස් මුගාබේ සිය සැමියා සමග "එයාර් සිම්බාබ්වේ" යානයකින් ඉරිදා උදෑසන 'හරාරේ' බලා පියාසර කළ බව සිම්බාබ්වේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

පහර දීමේ චෝදනාවලට මුහුණ දී සිටින 52 හැවිරිදි ග්‍රේස් මුගාබේ තමාට රාජ්‍ය තාන්ත්‍රික මුක්තියක් ඇති බවක් කියා සිටින්නීය.

පසුගිය සතියේ ඉදිරිපත් වූ පහර දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ විභාගයකට ද ඇය සහභාගී නොවූවාය.

තමාට රාජ්‍ය තාන්ත්‍රික මුක්තියක් ඇති බවට ග්‍රේස් මුගාබේ කරන ප්‍රකාශය පිළිබඳව විමර්ශනය කෙරෙමින් ඇති බව මේ අතර දකුණු අප්‍රිකානු බලධාරීහු පවසති.

එසේම එවැනි 'මුක්තියක්' මුගාබේ ආර්යාවට ප්‍රදානය කර නැති බවත් ඔවුහු කියා සිටිති.

රොබට් මුගාබේ සහ ඔහුගේ බිරිඳ සෙනසුරාදා දකුණු අප්‍රිකාවෙන් පිටත්ව යාමට සූදානම් වුනත් ගුවන් යානයට පිටත්ව යාමට අවසර නොලැබීමෙන් ඔවුන්ට ඉරිදා වනතෙක් රැඳී සිටීමට සිදු වූ බවක් ද වාර්තා වෙයි.

රොබට් මුගාබේ සහ ග්‍රේස්
ඡායාරූප ශීර්ෂ වැකිය, රොබට් මුගාබේ සහ ග්‍රේස්

'ජොහැන්නස්බර්ග්' නගරයේ හෝටලයක දී සිදු කර ඇති ප්‍රහාරය පිළිබඳව විභාගයක් පැවැත්විය යුතුය යන්න දකුණු අප්‍රිකානු පොලිසියේ ස්ථාවරයයි.

දැනට ඉදිරිපත් කරනු ලැබ ඇති පැමිණිල්ල අනුව, ග්‍රේස් මුගාබේ එම හෝටලයේ දී ගබ්‍රියලා එංගල්ස් නිරූපිකාවට පහර දී ඇත්තේ විදුලි බලය ලබා ගැනීමට පාවිච්චි කරන වයරයකිනි(extension cord).

සිය බිරිඳට එරෙහිව ඉදිරිපත් වෙන චෝදනා පිළිබඳව අනූ තුන් හැවිරිදි ජනාධිපති රොබට් මුගාබේ තවමත් අදහසක් පළ කර නැත.