බරක් ඔබාමා: ලොව හෙල්ලූ ට්විටර් පණිවුඩය

Children at a window in Maryland

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2011 වසරේ මෙරිලෑන්ඩ්හි ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක දී ගත් ඡායාරූපයක්

සාමාන්‍යයෙන් නිතර ට්විටර් පණිවුඩ නිකුත් කරන්නෙකු ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියක් උසුලයි.

මේ අතර ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා නිකුත් කළ ට්විටර් පණිවුඩයක් ඉතිහාසයේ මෙතෙක් වැඩි වශයෙන්ම කැමැත්ත (Like) පළ වූ ට්විටර් පණිවුඩය බවට පත්ව තිබේ.

නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වෙනස් වාර්ගික පසුබිම් සහිත දරුවන් කණ්ඩායමක් සමග සිනාසෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සහිතව හිටපු ජනාධිපතිවරයා එම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබිණි.

වර්ජිනියා ප්‍රාන්තයේ චාලට්ස්විල් ප්‍රදේශයේ සිදු වූ ගැටුමෙන් පසු අගෝස්තු 13 වෙනිදා පළ කරන ලද ඉහත කී ට්විටර් පණිවුඩයට කැමැත්ත (Like) පළ කර ඇති පිරිස තිස් ලක්ෂයකට අධිකය.

පසුගිය මැයි මාසයේ එංගලන්තයේ මැන්චෙස්ටර්හි පැවති සංගීත ප්‍රසංගයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව සිය කණගාටුව පළ කර අරියානා ග්‍රෑන්ඩේ විසින් පළ කරන ලද ට්විටර් පණිවුඩය අභිබවා ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ ඉහත කී පණිවුඩය ඉදිරියට පැමිණ තිබේ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

සිය ට්විටර් පණිවුඩ මාලාව තුළ හිටපු ජනාධිපතිවරයා විසින් නෙල්සන් මැන්ඩෙලාගේ 'The Long Walk To Freedom' නමැති ස්වයං චරිතප්‍රදානයේ අඩංගු පාඨයක් උපුටා දක්වනු ලැබ ඇත.

"සමේ වර්ණය හෝ පසුබිම හෝ ආගම උපතින් කෙනෙකු තවත් කෙනෙකුට වෛර කිරීමට හේතු නොවේ"

"මිනිස්සු වෛර කිරීමට උගත ගත යුතුයි. ඔවුන්ට එසේ උගත ගත හැකි නම් ඔවුන්ට ආදරය කිරීමට ද උගතගත හැකියි, මිනිස් හදවත් තුළ ස්වභාවයෙන්ම ජනිත වන්නේ ආදරය මිස වෛරය නොවේ"

හිටපු ජනාධිපති ඔබාමා 2011 වසරේ දී මෙරිලෑන්ඩ්හි ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සංචාරය කළ අවස්ථාවේ ගනු ලැබූ ඡායාරූපයක් ද ඉහත සඳහන් ට්විටර් පණිවුඩය තුළ අඩංගු වේ.

එම ඡායාරූපය ගනු ලැබ ඇත්තේ එවක ධවල මන්දිර ඡායාරූප ශිල්පියා වූ පීට් සෝසා විසිනි.