උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

North Korea said it conducted its first intercontinental ballistic missile test in early July - the latest took place late at night

ඡායාරූප මූලාශ්‍රය, KCNA

ඡායාරූප ශීර්ෂ වැකිය, අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) ප්‍රථම වතාවට සාර්ථකව අත්හදා බැලූ බව මේ මාසය මුලදී උතුරු කොරියාව නිවේදනය කළේය

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලා තිබෙන බව ජපාන සහ දකුණු කොරියානු බලධාරීහු පවසති.

එම මිසයිලය ජපානය අසල මුහුදට පතිත වී ඇතැයි විශ්වාස කරන බව ජපානයේ ජාතික මාධ්‍ය ආයතනය, NHK නිවේදනය කළේය.

අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) ප්‍රථම වතාවට සාර්ථකව අත්හදා බැලූ බව මේ මාසය මුලදී උතුරු කොරියාව නිවේදනය කළේය.

එක්සත් ජාතීන්ගේ තහනමක් ද නොතකා හරිමින් උතුරු කොරියාව අත්හදා බලන ලද නවතම මිසයිලයේ විදුම් පරාසය කෙතරම් ද යන්න අනාවරණය වී නැත.

සබැඳි යොමු:

පසුගියදා ප්‍රථම වතාවට අත්හදා බැලූ අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් විදුම් පරාසය සම්බන්ධයෙන් ද විවිධ අදහස් පළ වන නමුත් එයට ඇලස්කාව දක්වා ලඟා විය හැකි බවට ඇතැම් විශේෂඥයෝ පවසති.

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලා ඇතැයි පෙනෙන්නට තිබෙන බව කී පෙන්ටගනයේ ප්‍රකාශක කපිතාන් ජෙෆ් ඩේවිස්, ඒ පිළිබඳව තවත් වාර්තා ලැබෙන තුරු බලා සිටින බව ද සඳහන් කළේය.

මෙය මේ වසර ඇතුළත උතුරු කොරියාව අත්හදා බැලූ 14 වෙනි මිසයිලයයි.

උතුරු කොරියාව සතු මිසයිල

බ්‍රිතාන්‍ය වේලාවෙන් 16:41 ට (උතුරු කොරියාවේ වේලාවෙන් රාත්‍රී 23:41 ට) ජගන් (Jagang) ප්‍රාන්තයේදී නවතම මිසයිලය අත්හදා බලා තිබෙන බව Yonhap දකුණු කොරියානු පුවත් සේවය පවසයි.

එම මිසයිලය මිනිත්තු 45ක් පමණ ගුවනේ රැඳී තිබූ බව ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් යෝශිහිදේ සුගා (Yoshihide Suga) පැවසීය. එය මීට කලින් අත්හදා බැලූ අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලය ගුවනේ රැඳී තිබූ වෙලාවට වඩා වැඩි කාලයකි.

ජපානයේ විශේෂ ආර්ථික කලාපයට අයත් මුහුදට එය පතිත වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ ඉන්, ආරක්ෂක මණ්ඩලයේ හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති බවත් Yonhap පුවත් සේවය වාර්තා කළේය.

උතුරු කොරියානු මිසයිල විදුම් පරාස