උතුරු කොරියාව "අන්තර් මහද්වීපික මිසයිලයක් සාර්ථකව" අත්හදා බලයි

A pedestrian looks at a TV screen on a street broadcasting news of North Korea's missile launch, in Tokyo, Japan, 4 July 2017.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියාව සිදු කළ නවතම මිසයිල අත්හදා බැලීම පිළිබඳ ජපාන මාධ්‍යවල ඉහළ අවධානයකට ල්;අක විය

දුර විහිදුම් "අන්තර් මහද්වීපික" (Intercontinental missile) මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කළේය.

ඇමරිකානු භූමිය වෙත ළඟා වීමේ හැකියාවක් පවතින අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් උතුරු කොරියාව විසින් සාර්ථකව අත්හදා බැලූ බව පැවසෙන පළමු අවස්ථාව මෙයයි.

ජපාන මුහුදු සීමාවට මිසයිලය පතිත වී ඇති බව කී ඇමරිකාව එය උතුරු ඇමරිකාවට තර්ජනයක් නොවන බව සඳහන් කළේය.

කොරියානු අර්ධද්වීපය තුළ ඉහළ යමින් පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ මිසයිල අත්හදා බැලීම් සිදු කරන වාර ගණන උතුරු කොරියාව විසින් ඉහළ නංවනු ලැබ ඇත.

line
line

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්ගේ නිරීක්ෂණය යටතේ හ්වාසොං 14 වර්ගයේ මිසයිලයක් දියත් කළ බව එරට රජයේ රූපවාහිනිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මිසයිලය කිලෝමීටර 2,802 ක ප්‍රක්ෂේපිත දුරකට ළඟා වී මුහුදු සීමාවේ වෙත වූ ඉලක්කයට ළඟා වීමට පෙර කිලෝමීටර 933 ක් පියාසර කළ බව නිවේදනයේ සඳහන් විය.

එක්සත් ජනපද ශාන්තිකර විධානය මීට ඉහත දී කියා සිටියේ එය අන්තර් දුර විහිදුම් මිසයිලයක් බවය.

උතුරු කොරියාව සතු මිසයිල මොනවාද?

උතුරු කොරියාවේ මිසයිල සාර්ථකද ?

මිසයිල අත්හදා බැලීම අතින් උතුරු කොරියාව යම් කිසි සාර්ථකත්වයක් ළඟා කර ගෙන ඇති නමුත් අන්තර් මහද්වීපික මිසයිලයක් යොදා ගනිමින් නිවැරදි ඉලක්කය ලබා ගැනීමේ හැකියාව ඔවුන් සතුව නොමැති බව විශේෂඥයන්ගේ විශ්වාසය වී තිබේ.

line
line

එමෙන්ම එවැනි මිසයිලයකට න්‍යෂ්ටික යුද ශීර්ෂයක් (Nuclear warhead) ලඝු කිරීමේ හැකියාව ද උතුරු කොරියාව සතුව නොමැති බවටත් විශේෂඥයෝ විශ්වාසය පළ කරති.

දකුණු කොරියාවේ සෝල් අගනුවර සිටින බීබීසී වාර්තාකරු ස්ටීවන් එවන්ස් කියා සිටියේ අලුතින් අත්හදා බලන ලද මිසයිලයට ළඟා විය හැකි දුර සම්බන්ධයෙන් විවිධ මත පළ වන බවය.

ඇමරිකාව සහ චීනය

උතුරු කොරියාවේ මිසයිල සාර්ථකද ?

මිසයිල අත්හදා බැලීම් දිගින් දිගටම සිදු කරන බව උතුරු කොරියාව පවසයි.

line
line

උත්සන්න වෙමින් පවතින කලාපීය උණුසුම හමුවේ ඇමරිකාව පසුගියදා කොරියානු අර්ධද්වීපය වෙත 'කාල්වින්සන්' ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව යැවූ අතර දකුණු කොරියාව තුළ 'තාඩ්' මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට ද කටයුතු කළේය.

අලුතින් සිදු කළ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් චීනය මෙතෙක් පූර්ණ ප්‍රතිචාරයක් පළ කර නොමැත.