'කොලෙස්ටරෝල්' පාලනයට නව එන්නතක්

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 72 දෙනෙකුට නව එන්නත ශරීරගත කර තිබේ

ඡායාරූප මූලාශ්‍රය, BLACKJACK3D/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 72 දෙනෙකුට නව එන්නත ශරීරගත කර තිබේ

හෘදයාබාධ වළක්වා ගැනීම සඳහා රුධිරයේ පවතින 'කොලෙස්ටරෝල්' ප්‍රමාණය පාලනයකර තබාගත හැකි නව එන්නතක් නිපදවීමට විද්‍යාඥයෝ සමත් වෙති.

මෙම එන්නත මීයන්ට ලබා දීමෙන් සාර්ථක ප්‍රතිඵල ගෙන දී අතර එය මිනිස් සිරුරට එන්නත් කර එහි සාර්ථකත්වය අධ්‍යයනය කෙරෙමින් පවතී.

ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 72 දෙනෙකුට නව එන්නත ශරීරගත කර තිබේ.

රුධිර නාල තුළ මේදය තැන්පත්වීම

ඡායාරූප මූලාශ්‍රය, WILDPIXEL/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, රුධිර නාල තුළ මේදය තැන්පත්වීම

රුධිර නාල තුළ මේදය තැන්පත්වීම වළක්වාලන මෙම නව එන්නත නිපදවනු ලැබ ඇත්තේ හවානා වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් විසිනි.

හෘදයාබාධයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා දිනපතා පෙති වර්ග භාවිතා කිරීම වෙනුවට වසරකට වරක් මෙම එන්නත ලබා දීමෙන් දිගු කාලීන ආරක්ෂාවක් ලබා ගත හැකිය.

නව එන්නත කෙතරම් කාර්යක්‍ෂම ද යන වග සහ එමගින් මිනිස් සිරුරට ඇතිවිය හැකි පසු බලපෑම් නිශ්චිතව ම දැන ගැනීම සඳහා තව වසර කිහිපයක් ගතවිය හැකි බව විද්‍යාඥයෝ පවසති.

නව එන්නත මීයන්ට ලබා දීමෙන් මාස 12ක් ඇතුළත LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය 50%කින් අඩු වී ඇති

ඡායාරූප මූලාශ්‍රය, PETRA SPIOLA

ඡායාරූප ශීර්ෂ වැකිය, නව එන්නත මීයන්ට ලබා දීමෙන් මාස 12ක් ඇතුළත LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය 50%කින් අඩු වී ඇත

මෙම එන්නත මගින් සිදු කෙරෙන්නේ PCSK9 නමැති ප්‍රෝටීනය විනාශ කිරීම සඳහා සිරුර තුළ ප්‍රතිශක්තියක් ඇති කිරීමය.

ශරීරයට අහිතකර LDL කොලෙස්ටරෝල් වර්ගය නිපදවෙන්නේ PCSK9 නමැති ප්‍රෝටීන වර්ගයෙනි.

නව එන්නත මීයන්ට ලබා දීමෙන් මාස 12ක් ඇතුළත LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය 50%කින් අඩු වී ඇති අතර රුධිර නාල තුළ මේදය තැන්පත්වීම ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීමක් පෙන්නුම් කර ඇත.

කෙසේ නමුත් මෙම නව එන්නත රෝහල්වලට සහ වෙළඳ පළට නිකුත්වීම සඳහා තව වසර හයක්වත් ගතවිය හැකි බව පර්යේෂකයෝ පවසති.