මැතිවරණය කල් නොදැමිය යුතු බව ලංඩන් පුරපති පවසයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලෝක නායකයෝ සෙනසුරාදා රාත්‍රියේ (මැයි 03) ලන්ඩන් නගරයේ එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිති.
ප්‍රහාරය සැල වූ සැණින් 'ට්විටර්' පණිවුඩයක් මගින් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 'එක්සත් ජනපදය මේ මොහොතේ ලංඩන් නගරයත් සමඟ සිටින අතර අවශ්‍ය සහයෝගය පිරිනමන' බව කියා සිටියි.
ලන්ඩන් නගරයේ එල්ල කෙරුණ ප්‍රහාර 'ඛේදවාචකයක්' ලෙස විග්‍රහ කළ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සියරට කිසිදාක නොවූ මට්ටමින් බ්‍රිතාන්‍යය වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කළේය.
මුහුණ දීමට සිදු වූ බිහිසුණු ක්‍රියාවේදී 'යුරෝපා රටවල් දේශ සීමා නොතකා එකට එකමුතු වෙමින් කණගාටු වෙන' බව කියා සිටි ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල්, සියලු ආකාරයේ ත්‍රස්ත ක්‍රියාවන්ට එරෙහිව නැඟී සිටින බව අවධාරණය කළාය.
කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ රාජ්‍ය නායකයන් විසින් ද ලන්ඩන් නගරයට සහයෝගය පළ කරමින් නිවේදන නිකුත් කරනු ලැබ ඇත.
මේ අතර ලංඩන් නගරාධිපති සාදික් කාන් ප්‍රකාශයක් කරමින්, ත්‍රස්ත ප්‍රහාරය මගින් බියපත් නොවන ලෙස මහජනයාගෙන් ඉල්ලීමක් කළේය.

'ලංඩන් බ්‍රිජ්' පාලමේ පදික වේදිකාවේ ගමන් ගනිමින් සිටි මහජනතාව මතට සුදු පැහැති වෑන් රියක් පැදවූ සන්නද්ධ ප්‍රහාරකයන් එම වෑන් රියෙන් එළියට පැන මහජනයාට පිහි මගින් පහර දීමෙන් මේ වනවිට හය දෙනකු මරණයට පත්ව ඇති අතර පනස් දෙනකුට අධික පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිති.
මෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ තවත් දින තුනකින් පසුව ජූනි 08 වෙනිදා බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද විමසීම් ආරම්භ වීමට නියමිතව ඇති අතරයි.
එහෙත් මේ ප්‍රහාරය නිසා එම ඡන්ද විමසීම් කල් නොතැබිය යුතු බවත් පුරපති සාදික් කාන් කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
පාලක කොන්සර්වේටිව් පක්ෂය ලංඩන් ප්‍රහාරයත් සමඟ ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටවූ අතර ආණ්ඩුවේ හදිසි ආරක්ෂක කමිටු (කෝබ්‍රා) සාකච්ඡාවක් ආරම්භ වී ඇත.









