ඉරාන ජනපතිවරණයේ තියුණු තරගයක්

Candidates register for the Iranian presidential elections (11/04/17)

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයන් සියලු දෙනාම පුරුෂයන්ය

ඉරාන පුරවැසියන් ලබන 19 වෙනිදා නව ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීමට නියමිතය.

ජනාධිපතිවරණයේ අවසානය දක්වා අපේක්ෂකයන් දෙදෙනෙකු අතර තියුණු තරගයක් පවතිනු ඇති බවට බලාපොරොත්තු පළ වේ.

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා 1,600 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටිය ද අනුමැතිය හිමි වූයේ ඉන් හය දෙනෙකුට පමණි.

ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයන් සියලු දෙනාම පුරුෂයන්ය.

line
line

2013 වසරේ බලයට පත් වූ එරට වත්මන් ජනාධිපති හසන් රුහානි එම ධුරය සඳහා තරග කරන්නේ දෙවන වරටයි.

ඇමරිකාව සමග

Iranian president Hassan Rouhani speaks during a ceremony marking annual National Army Day in Tehran (18 April 2017)

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති හසන් රුහානි

මධ්‍යස්ත මතධාරියෙකු ලෙස සැලකෙන වත්මන් ජනාධිපතිවරයාගේ වයස අවුරුදු හැට අටකි.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් 2015 වසරේ දී ඇමරිකාව සමග එකඟත්වයකට පැමිණීමට ඔහුට හැකි විය.

එය, ජනාධිපති රුහානිගේ ධුර කාලය තුළ ඔහු ලද විශාලතම සාර්ථකත්වය ලෙස සැලකේ.

නමුත් ඉරානයේ විරැකියාව ඉහළ ගොස් ඇති අතර එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ තරුණ ප්‍රජාවටයි.

මැතිවරණ පොරොන්දු

Ebrahim Raisi with hand raised in greeting

ඡායාරූප මූලාශ්‍රය, AFP/ GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති අපේක්ෂක එබ්‍රහීම් රයිසී

මේ අතර එතරම් ප්‍රසිද්ධ චරිතයක් නොවූ ගතානුගතිකවාදීන්ගේ සහාය හිමි දැඩි මතධාරී පූජකයෙකු වන එබ්‍රහීම් රයිසී නව රැකියා දස ලක්ෂ ගණනක් උත්පාදනය කරන බවට ප්‍රතිඥා දී තිබේ.

පනස් හත් හැවිරිදි ජනාධිපති අපේක්ෂක රයිසී ආගමික ආයතන තුළ ප්‍රබල චරිතයකි.

ජනපතිවරණය සඳහා කාන්තාවන් 137 දෙනෙකු නම් ඉදිරිපත් කර තිබුණ ද ඔවුන්ට ජනපති ධුරයට පත්වීමට නීතියෙන් අවසර නොමැත.

ඉස්ලාමීය ජනරජයේ දිශානතිය තීන්දු කෙරෙන තීරණාත්මක මැතිවරණයක් ලෙස මෙවර ජනපතිවරණය සැලකේ.

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් දිනයේ සිය ආධාරකරුවන් ඇමතූ ජනාධිපති හසන් රුහානි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන මෙන් ඉල්ලා සිටියේය.

තම මැතිවරණ ප්‍රචාරක පුවරුවලට හානි කිරීම සඳහා සිය ප්‍රතිවාදීන් සුදානම් වෙමින් සිටින බව ඔහු එහිදී සඳහන් කළේය.