ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරාන ජනපතිවරණයේ තියුණු තරගයක්
ඉරාන පුරවැසියන් ලබන 19 වෙනිදා නව ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීමට නියමිතය.
ජනාධිපතිවරණයේ අවසානය දක්වා අපේක්ෂකයන් දෙදෙනෙකු අතර තියුණු තරගයක් පවතිනු ඇති බවට බලාපොරොත්තු පළ වේ.
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා 1,600 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටිය ද අනුමැතිය හිමි වූයේ ඉන් හය දෙනෙකුට පමණි.
ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයන් සියලු දෙනාම පුරුෂයන්ය.
2013 වසරේ බලයට පත් වූ එරට වත්මන් ජනාධිපති හසන් රුහානි එම ධුරය සඳහා තරග කරන්නේ දෙවන වරටයි.
ඇමරිකාව සමග
මධ්‍යස්ත මතධාරියෙකු ලෙස සැලකෙන වත්මන් ජනාධිපතිවරයාගේ වයස අවුරුදු හැට අටකි.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් 2015 වසරේ දී ඇමරිකාව සමග එකඟත්වයකට පැමිණීමට ඔහුට හැකි විය.
එය, ජනාධිපති රුහානිගේ ධුර කාලය තුළ ඔහු ලද විශාලතම සාර්ථකත්වය ලෙස සැලකේ.
නමුත් ඉරානයේ විරැකියාව ඉහළ ගොස් ඇති අතර එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ තරුණ ප්‍රජාවටයි.
මැතිවරණ පොරොන්දු
මේ අතර එතරම් ප්‍රසිද්ධ චරිතයක් නොවූ ගතානුගතිකවාදීන්ගේ සහාය හිමි දැඩි මතධාරී පූජකයෙකු වන එබ්‍රහීම් රයිසී නව රැකියා දස ලක්ෂ ගණනක් උත්පාදනය කරන බවට ප්‍රතිඥා දී තිබේ.
පනස් හත් හැවිරිදි ජනාධිපති අපේක්ෂක රයිසී ආගමික ආයතන තුළ ප්‍රබල චරිතයකි.
ජනපතිවරණය සඳහා කාන්තාවන් 137 දෙනෙකු නම් ඉදිරිපත් කර තිබුණ ද ඔවුන්ට ජනපති ධුරයට පත්වීමට නීතියෙන් අවසර නොමැත.
ඉස්ලාමීය ජනරජයේ දිශානතිය තීන්දු කෙරෙන තීරණාත්මක මැතිවරණයක් ලෙස මෙවර ජනපතිවරණය සැලකේ.
ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් දිනයේ සිය ආධාරකරුවන් ඇමතූ ජනාධිපති හසන් රුහානි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන මෙන් ඉල්ලා සිටියේය.
තම මැතිවරණ ප්‍රචාරක පුවරුවලට හානි කිරීම සඳහා සිය ප්‍රතිවාදීන් සුදානම් වෙමින් සිටින බව ඔහු එහිදී සඳහන් කළේය.