ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"ඉරානය සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක"
ඉරානය කෙටිදුර විහිදුම් මිසයිල අත්හදා බැලීමක් සහ රේඩාර් පද්ධතිය පරීක්ෂා කිරීමේ හමුදා පුහුණු මෙහෙයුමක් දියත් කොට තිබේ.
ඉරානය මෙම පියවර ගනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය විසින් එරට මිසයිල අත්හදා බැලීම් වලට එරෙහිව සම්භාදක පනවනු ලැබ දිනක් ගත වීමෙන් අනතුරුවයි.
පසුගිය ඉරිදා ඉරානය සිදු කළ බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සහ ටෙහෙරාන් පාලනය විසින් ත්‍රස්තවාදයට දිගින් දිගටම සහය ලබා දීම හේතු කොට ගෙන මෙම සම්බාධක පැනවූ බව ජනාධිපති ට්‍රම්ප් පාලනය ප්‍රකාශ කොට තිබේ.
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් පවසා තිබුනේ "ගින්දරත් එක්ක සෙල්ලම් කරන ඉරානය ජනාධිපති ඔබාමා පෑ කරුණාව ඇගයීමට නොදත් රටක්" බවය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ ඉරාන රජය කියා සිටියේ අත්දැකීම් අඩු පුද්ගලයෙකුගේ මෙවැනි ප්‍රකාශ නිෂ්එල බවත් ඇමරිකාව විසින් පනවනු ලැබූ සම්බාධක වලට පිළිතුරු වශයෙන් ඊට සමාන පියවරක් සිය රජය ද ගැනීමට බලාපොරොත්තු වන බවත්ය.