තාඩ් මිසයිල විරෝධය: ජින්පින්, මූන් අමතයි

A Terminal High Altitude Area Defense (THAAD) interceptor (R) is seen in Seongju, South Korea, 26 April 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මැයි මස 02 වෙනිදා සිට තාඩ් ආරක්ෂණ පද්ධතියේ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක බව ඇමරිකා එක්සත් ජනපදය පවසයි

දකුණු කොරියාවේ දේශපාලන නායකත්වය කොරියානු අර්ධද්වීපයේ අනාගතයට අතිශය වැදගත් ප්‍රබල සාධකයකි.

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය පාක් ගුන් හෙයි උතුරු කොරියාව සමග පැවති සබඳතාවලින් සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් විය.

දූෂණ අපචාර චෝදනා එල්ල වීමත් සමග ඇයට සිය ධුරයට සමු දීමට සිදු වූ අතර, ඉන් අනතුරුව දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා වශයෙන් නිදහස් මතධාරී මූන් ජේ-ඉන් තෝරා පත් කර ගැනිණි.

line
line

උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බලමින් සිටින අතර දකුණු කොරියාවේ ප්‍රධානම මිත්‍ර රාජ්‍යය ලෙස කටයුතු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.

මේ අතර කලාපයේ බලවතා වන චීනය උතුරු කොරියාවේ ප්‍රධානම මිත්‍ර රාජ්‍යයයි.

චීනයේ විරෝධය

'තාඩ්' මිසයිල පද්ධතිය
ඡායාරූප ශීර්ෂ වැකිය, 'තාඩ්' මිසයිල පද්ධතිය
'තාඩ්' මිසයිල විදිනයක්

ඡායාරූප මූලාශ්‍රය, Federation of American Scientists

ඡායාරූප ශීර්ෂ වැකිය, 'තාඩ්' මිසයිල විදිනයක්

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ මිසයිල අත්හදා බැලීම් මුල් කර ගනිමින් කලාපය තුළ ඉහළ යමින් පවතින උණුසුම හමුවේ දකුණු කොරියාව තුළ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපිත කිරීමට ඇමරිකාව කටයුතු කළේය.

ප්යොංයැං පාලනය සම්බන්ධයෙන්, පැවති පාක් ගුන් හෙයි පාලනයේ ප්‍රතිපත්තියට වෙනස් මතයක් දරන මූන් ජේ-ඉන් ඉහළ ජයග්‍රහණයක් ලබා ගනිමින් ජනපති ධුරයට පත් වන්නේ මෙවැනි වාතාවරණයක් තුළදීය.

නව ජනාධිපතිවරයා උතුරු කොරියාව සමග සමීප සංවාදයක යෙදීම වෙනුවෙන් පෙනී සිටින්නෙකි.

line
line

මේ අතර ඇමරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතිය අවලංගු කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පින් දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

මූන් ජේ-ඉන් ජනාධිපති ධුරයේ දිවුරුම් දී දිනකට පසු චීන නායකයා සමග මිනිත්තු හතළිහක සංවාදයක යෙදී තිබේ.

තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා ලෙස චීන නායකයා එහිදී ජනාධිපති මූන්ගෙන් බලවත් ඉල්ලීමක් කර ඇත.

උතුරු කොරියාවෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාරයක් මැඩපැවැත්වීමේ අරමුණින් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපනය කරනු ලැබීම පිළිබඳ චීනය දිගින් දිගටම සිය විරෝධය පළ කළේය.

ජනපති මූන්ගේ ප්‍රතිචාරය

South Korean President Moon Jae-in and his wife Kim Jung-sook

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති මූන් ජේ-ඉන් සිය බිරිඳ සමග

සිය කලාපය පිළිබඳ ඔත්තු බැලීම සඳහා ඇමරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතිය යොදා ගන්නා බවට බීජිං පාලනය චෝදනා කරයි.

චීන ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මූන්, මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීම මුල් කර ගනිමින් බීජිං පාලනය සිය රටේ සමාගම්වලට වෙනස් ආකාරයකින් සලකන බවක් දක්නට ලැබීම පිළිබඳ සිහිපත් කොට තිබේ.

මැයි මස 02 වෙනිදා සිට තාඩ් ආරක්ෂණ පද්ධතියේ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක බව ඇමරිකා එකසත් ජනපදය පවසයි.