සරණාගත කඳවුරක් ගින්නෙන් විනාශ වෙයි

ගින්නෙන් විනාශවූ මෙම කඳවුර

ඡායාරූප මූලාශ්‍රය, AFP

සංක්‍රමණිකයන් 1500ක් පමණ රඳවා සිටි ප්‍රංශයේ උතුරු ප්‍රදේශයේ පිහිටි කඳවුරක් ගින්නකින් විනාශයට පත්වෙයි.

ප්‍රංශ බලධාරීන් පවසන්නේ මෙම සරණාගත කඳවුරේ සිටි ඇෆ්ගන් ජාතිකයන් සහ කුර්දි ප්‍රජාව අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවය.

එකිනෙකට යාබදව ඉදිකළ කුඩාරම් විශාල ප්‍රමාණයකින් සමන්විත මෙම කඳවුර පුරා ව්‍යාප්ත වූ මෙම ගින්නට හසුවී අවම තරමින් දසදෙනෙකුවත් තුවාල ලබා ඇත.

ගින්නෙන් විනාශවූ මෙම කඳවුර

ඡායාරූප මූලාශ්‍රය, AFP

බ්‍රිතාන්‍යයට ඇතුළුවීමට

මෙම සරණාගත කඳවුර තුළ පවතින කලහකාරී වාතාවරණය හේතුවෙන් එය වසා දැමීමට සිදුවිය හැකි බවට බලධාරීන් විසින් පසුගිය මාසයේදී ප්‍රකාශ කරනු ලැබ තිබුණි.

ප්‍රංශයේ උතුරු මුහුදු තීරය වෙත සරණාගතයන් විශාල පිරිසක් පැමිණෙන්නේ බ්‍රිතාන්‍යයට ඇතුළුවීමේ අරමුණ ඇතිව ය.

ගින්න නිවීමට උත්සාහ කරමින්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ගින්නෙන් විනාශවූ මෙම කඳවුර තුළට ඇෆ්ගන් ජාතික සංක්‍රමණිකයන්ගේ පැමිණීම ඉහල යාමත් සමඟ එහි සිටින කුර්දි ප්‍රජාව දැඩි පීඩනයකට ලක්වී තිබේ.

ගින්නෙන් පසු, එහි සිටි සරණාගතයන්ට අසල ඇති ගෘහස්ත ක්‍රීඩාංගණයක් තුළ තාවකාලික නවාතැන් සපයා ඇති බව බලධාරීහු පවසති.

ගින්නට හේතුවූ ගැටුම නිසා හයදෙනෙකුට කැපුම් තුවාල සිදු වී තිබේ.