මෙල්බර්න් ගුවන් අනතුර: යානයේ සිටි සියලුදෙනා මරුට

සාප්පු සංකීර්ණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙළඳ සංකීර්ණයකට කඩා වැටුණු ගුවන් යානයේ සිටි පුද්ගලයන් පස්දෙනාම මරණයට පත්වී ඇති බව එරට බලධාරීහු පවසති.

මිය ගිය අයගෙන් හතරදෙනෙකුම ඇමරිකානු ජාතිකයෝ වූහ.

ගිනි නිවන භටයෝ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

'ඒසන්ඩන්' ගුවන්තොටුපළින් යානය ගුවන්ගත කොට තත්පර කිහිපයක් ඇතුළත එහි යාන්ත්‍රික දෝෂයක් පවතින බවට ගුවන් නියමුවා විසින් පාලක මැදිරියට දැනුම් දෙනු ලැබ තිබේ.

ගුවන්තොටුපළ අසලම වූ සාප්පු සංකීර්ණයට යානය කඩා වැටුණු මොහොතේ විශාල ගිනි ජාලාවක් ගුවනට මුසුවූ බව සිද්ධිය දුටුවෝ පැවසූහ.

ගුවන්තොටුපළ අසලම වූ සාප්පු සංකීර්ණයට යානය කඩා වැටුණු මොහොතේ විශාල ගිනි ජාලාවක් ගුවනට මුසුවූ බව සිද්ධිය දුටුවෝ පැවසූහ

ඡායාරූප මූලාශ්‍රය, AFP

සාප්පු සංකීර්ණය තුළ සිටි කිසිවෙකුට මෙම අනතුරින් තුවාල සිදුවී නැත.