කැස්ත්‍රෝට අවසන් ගෞරව දැක්වීමට දහස් ගණනක් ජනතාව

ඡායාරූප මූලාශ්‍රය, AFP
දිවියෙන් සමුගත් කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ භෂ්මාවශේෂ ඇතුළත් මංජුසාව ඉදිරිපිට දහස් සංඛ්‍යාත ජනතාව, සිය මියගිය නායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා පෝලිම් ගැසී සිටින බව හවානා නගරයෙන් වාර්තා වෙයි.
අද (නොවැ.28) මහජන ශෝක කාලය ආරම්භ කෙරුණේ හවානා අගනුවර සහ සන්තියාගෝ ඩි කියුබා නගරයේ පැවැත්වුන ආචාර මුර වෙඩි 21කින් පසුවය.
සන්තියාගෝ ඩි කියුබා 1959 වසරේ කැස්ත්‍රෝ විපල්වීය ජයග්‍රහණය ප්‍රකාශයට පත්කළ ස්ථානය විය.

ඡායාරූප මූලාශ්‍රය, AP
ශෝකයට පත්ව සිටින ජනතාව කැස්ත්‍රෝගේ ජාතිකවාදී සහ සමාජවාදී මූලධර්ම සහතික කරන බවට දිව්රුම් ප්‍රකාශනයකට අත්සන් තබමින් සිටිති.
කැස්ත්‍රෝගේ භෂ්මාවශේෂ ඇතුළත් මංජුසාව ඔහුගේ විප්ලවීය අරගලය පෙරට ගිය මාවත් ඔස්සේ ගෙනයාමෙන් අනතුරුව ලබන ඉරිදා (නොවැ. 4) සන්තියාගෝ නගරයේ තැන්පත් කිරීමට නියමිතය.
මේ අතර, ඇමෙරිකානු - කියුබානු සබඳතා යළි ස්ථාපනය කිරීමේ ඔබාමා පිළිවෙත තමා ජනවාරි මාසයේ පදවියේ කටයුතු භාර ගනු ලැබීමෙන් අනතුරුව තීන්දු කරන බව එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
අඩසිය වසක් ඇණහිට තිබුණු කියුබානු -ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කුලුපග මට්ටමකට ගෙන ඒමට ජනාධිපති බරක් ඔබාමා පසුගිය වසරේ පියවර ගත්තේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් කියුබානු හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ විග්‍රහ කර තිබුණේ තමාගේම ජනතාව මර්දනය කළ දරුණු ඒකාධිපතියකු හැටියටය.









