සිරියාවේ IS කැරලිකරුවන් 'පනහක් පමණ මරුට'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගෙවුණු පැය විසි හතර තුළ උතුරු දිග සිරියාවේ පැවති ගැටුම් සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් පනස් දෙනකුට ආසන්න සංඛ්‍යාවක් මරුමුවට පත් වී ඇති බව තුර්කි හමුදා පවසයි.
තුර්කි හමුදා සහ ඔවුන්ට සහාය දෙන සිරියානු කැරලි කණ්ඩායම් අයිඑස් බළකොටුවක් වන ඩාබික් නගරය දෙසට ඇදෙමින් සිටින අතර අයිඑස් කැරලිකරුවෝ ඩාබික් නගරයේ බලය රැක ගැනීමේ දැඩි උත්සාහයක නිරත වී සිටිති.
තුර්කි සහ කැරලි කණ්ඩායම් විසින් ඩාබික් නගරයට පිටතින් පිහිටි ගම්මාන හතරකට එල්ල කරන ලද ඒකාබද්ධ ප්‍රහාරයක් අයිඑස් කැරලිකරුවන් විසින් ව්‍යවර්ථ කරනු ලැබ තිබේ.
කැරලිකරුවන් අට දෙනකු මරුමුවට පත් වී විසි දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාකරුවෝ පවසති.






