සිරියාවේ සහනාධාර රථ පෙළකට ගුවන් ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සතියක කාලයක් පැවති සටන් විරාමය අවසන් බව සිරියානු හමුදා විසින් නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසු සහනාධාර රැගත් රථ පෙළකට එල්ලවී ඇති ප්‍රහාරය පිළිබඳව ඇමරිකාව කෝපය පළ කරයි.
සිරියානු 'රෙඩ් ක්රෙසන්ට්' සේවකයන් විසින් ගෙන යමින් තිබූ සහනාධාර රථ පෙළකට ගුවන් ප්‍රහාරයක් එල්ලවූ බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.
සිරියානු ක්‍රියාධරයෙකු පැවසුවේ පුද්ගලයන් එකොලොස් දෙනෙකු මෙම ප්‍රහාරයෙන් මරණයට පත්වූ බවයි.
ඇමරිකාව සහ රුසියාව අතර පැවති සටන් විරාම එකඟතාව බිඳීයාම නිසා රට පුරා ගැටුම්කාරී තත්වය වැඩිදියුණු වී ඇති බවයි වාර්තා වන්නේ.
අලෙප්පෝ නගරයේ කැරලිකරුවන්ගේ පාලනයේ පවතින ප්‍රදේශවල ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර සිදුවන බව වාර්තාවන අතර ඩමස්කස් අගනුවර ගැටුම් අලුත්වී ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර ඇමරිකාව, රුසියාව සහ අනෙකුත් බලවතුන් අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී සිරියාව පිලිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.






