රියෝ පැරා ඔලිම්පික්: ආබාධිත ක්‍රීඩකයෙක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රියෝ පැරා ඔලිම්පික් තරඟාවලියේ පාපැදි තරඟයක් අතරතුර සිදු වූ හදිසි අනතුරකින් ඉරාන ජාතික ආබාධිත ක්‍රීඩකයෙක් මරණයට පත් වෙයි.
ඉරානය නියෝජනය කරමින් තරඟ වැදී සිටි 48 හැවිරිදි මෙම ක්‍රීඩකයා හදිසි අනතුරට ලක් වීමෙන් අනතුරුව හෘදයාබාධයකට ලක් වී ඇති බවයි බලධාරීන් නිවේදනය කර සිටියේ.
සිදු වූ හදිසි අනතුර පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද පැරා ඔලිම්පික් කමිටුව නිවේදනය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, PA
අනතුර සිදු වූ ස්ථානයේ දීම හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර ගිලන් රථයකින් රෝහල කරා ගෙන යාමෙන් සුළු වේලාවකට පසු මෙම ක්‍රීඩකයා මිය ගොස් ඇති බව බලධාරීහු පවසති.
බහ්මන් ගොල්බානෙසාඩ් නමැති මෙම ආබාධිත පාපැදි ධාවකයා ඉරානය නියෝජනය කරමින් 2012 දී ලන්ඩන් නුවර පැවති පැරා ඔලිම්පික් තරඟාවලියට ද සහභාගී විය.
ඉරානය සතු දක්‍ෂතම පාපැදි ධාවකයා ලෙස සැලකෙන ඔහු දොළොස් වසක් තිස්සේ පාපැදි ධාවනයේ යෙදී සිටියේය.
එක් දරු පියෙකු වන ඔහු ගේ මරණය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා පැරා ඔලිම්පික් ගම්මානයේ ඔසවා ඇති ඉරාන ධජය අඩ කුඹු කර තිබේ.




