හිස්බුල්ලා උප නායක සිරියාවේ දී මරුට

Adnan Badreddine, left, brother of top Hezbollah commander Mustafa Badreddine, grieves at his brother's picture in a southern suburb of Beirut, Lebanon, Friday, May 13, 2016.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, මුස්තාෆා ගේ සොහොයුරු අද්නන් තම සහෝදරයාට වරය පුද කරන අයුරු

ලෙබනන් ජාතික සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ සිරියාවේ ඉහළ අණදෙන නිලධාරී මුස්තාෆා බද්රිද්දීන් මරා දමා ඇති බව වාර්තාවෙයි.

සිරියාවේ දී සිදුවූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඔහු මියගිය බවයි මාධ්‍යය වාර්තා පවසන්නේ.

මරා දැමුණු මුස්තාෆා හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නස්රල්ලා ගෙන් පසු දෙවන ප්‍රධානියා ලෙසටයි සැලකෙන්නේ.

An undated handout photo released on May 13, 2016 by Hezbollah's media office shows Mustafa Badreddine smiling

ඡායාරූප මූලාශ්‍රය, AFP/Hezbollah media office

ඡායාරූප ශීර්ෂ වැකිය, මුස්තාෆා බද්රිද්දීන් වසර ගණනාවක් හිස්බුල්ලා සංවිධානයෙන් සිදුකළ මෙහෙයුම් වලට නායකත්වය දුන්නේය

2005 දී ලෙබනනයේ හිටපු අගමැති රෆීක් හරිරි ඝාතනය පසුබිමේ සිටින බවට සැලකෙන මුස්තාෆා බද්රිද්දීන් යුද අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනාවට ලක්වීමෙන් පසු ජාත්‍යන්තර සම්බාධක වලට ලක්වූවෙකි.

General view on the explosion scene in Beirut, Lebanon, Monday Feb. 14, 2005, where former Prime Minister Rafik Hariri was killed in a massive bomb explosion

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, 2005 දී බේරුට් නුවර සිදුවූ ඇති විශාල පිපිරීමකින් ලෙබනනයේ එවකට අගමැතිවරයාව සිටි රෆික් හරිරි මරණයට පත්විය

හිස්බුල්ලා සංවිධානය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ට සහය පළ කරන අතර දහස් ගණනක් සන්නද්ධ සාමාජිකයන් සිරියාවට යවා ඇත.