ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිස්බුල්ලා උප නායක සිරියාවේ දී මරුට
ලෙබනන් ජාතික සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමේ සිරියාවේ ඉහළ අණදෙන නිලධාරී මුස්තාෆා බද්රිද්දීන් මරා දමා ඇති බව වාර්තාවෙයි.
සිරියාවේ දී සිදුවූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඔහු මියගිය බවයි මාධ්‍යය වාර්තා පවසන්නේ.
මරා දැමුණු මුස්තාෆා හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නස්රල්ලා ගෙන් පසු දෙවන ප්‍රධානියා ලෙසටයි සැලකෙන්නේ.
2005 දී ලෙබනනයේ හිටපු අගමැති රෆීක් හරිරි ඝාතනය පසුබිමේ සිටින බවට සැලකෙන මුස්තාෆා බද්රිද්දීන් යුද අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනාවට ලක්වීමෙන් පසු ජාත්‍යන්තර සම්බාධක වලට ලක්වූවෙකි.
හිස්බුල්ලා සංවිධානය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ට සහය පළ කරන අතර දහස් ගණනක් සන්නද්ධ සාමාජිකයන් සිරියාවට යවා ඇත.