හෙරොයින් ජාවාරම: ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් අත්අඩංගුවට

ගතව ගිය මාස තුනක කාල සීමාව තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 155 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පසුගියදා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ගතව ගිය මාස තුනක කාල සීමාව තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 155 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පසුගියදා පැවසීය.

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඉහත කී සැකකරුවන්ගෙන් එක් අයකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබූ බවත් සෙසු සැකකරුවන් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට බාර වූ බවත් පොලිසිය කියා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා මහා පරිමාණ පොලිස් මෙහෙයුමක් දියත් කෙරුණේ කිලෝ ග්‍රෑම් සියයකට අධික <link type="page"><caption> හෙරොයින් මත්</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2016/04/160401_sp_heroin_navy" platform="highweb"/></link> කුඩු තොගයක් සමග විදේශීය සැකකරුවන් එකොළොස් දෙනකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීමත් සමගයි.

ඉහත කී මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් පිරිස දාහත් දෙනෙකි.

පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 11,000ක් ඉක්මවන බවයි පොලිසිය කියා සිටියේ.

ගතව ගිය මාස තුනක කාල සීමාව තුළ පමණක් හෙරොයින් <link type="page"><caption> කිලෝග්‍රෑම් 155 </caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2016/04/160402_smbp_heroin_suspects_police.shtml" platform="highweb"/></link>ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පසුගියදා පැවසීය.