මාස තුනක් ඇතුළත 'හෙරොයින් කිලෝග්‍රෑම් 155 ක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty
පසුගිය මාස තුනක කාල සීමාව තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 155 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මේ අතර කිලෝ ග්‍රෑම් සියයකට අධික <link type="page"><caption> හෙරොයින් මත් කුඩු</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2016/04/160401_sp_heroin_navy" platform="highweb"/></link> තොගයක් සමග සිකුරාදා(01) අත්අඩංගුවට ගනු ලැබූ විදේශීය සැකකරුවන් එකොළොස් දෙනා පොලිස් බාරයේ රඳවා තබා ප්‍රශ්න කිරීමට තීන්දු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.
ඉහත කී මත්ද්‍රව්‍ය තොගය සමඟ ඉරාන ජාතිකයන් දස දෙනකු සහ පාකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට ගනු ලැබුණේ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේදී.
සැකකරුවන් දැනට කොළඹ මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාරයේ සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කොට දින හතක කාලයක් පොලිස් බාරයේ රඳවා ප්‍රශ්න කිරීම සඳහා නියෝගයක් ලබාගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ සිකුරාදා අත් අඩංගුවට ගනු ලැබූ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 11,000ක් ඉක්මවන බවයි.




