සාමාන්‍ය වැසියන් 40,000 ක් මිය ගියේ නෑ - පරණගම කොමිසම

ඡායාරූප මූලාශ්‍රය, Getty
දෙමළ කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසාන භාගයේදී සාමාන්‍ය වැසියන් 40,000 ක් මියගිය බවට එල්ල වන චෝදනා සත්‍යයෙන් තොර බව පරණගම කොමිසම යළිත් වරක් අවධාරණය කරයි.
කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු මැක්ස්වල් පරණගම ඒ බව සඳහන් කරන්නේ යුද්ධයෙන් වසර හයකට පසුව උතුරේ වාතාවරණය පිළිබඳව චැනල්4 නාලිකාව විකාශනය කළ නවතම වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්.
යුද අපරාධ චෝදනා සම්බන්ධ විභාගයට විදේශීය විනිසුරුවරුන් හෝ නීතිවේදීන් අවශ්‍ය නොවන බවට <link type="page"><caption> ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2016/01/160121_ug_azzam_sirisena_president" platform="highweb"/></link> පසුගිය සතියේ බීබීසී සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරන කොමිසමේ සභාපතිවරයා පවසන්නේ, මීට ඉහතදී ජනපතිවරයාට භාරදුන් වාර්තාවේ කොමිසම නිර්දේශ කළේත් අවශ්‍ය නම් විදේශීය තාක්ෂණික සහාය ලබාගන්නා පූර්ණ දේශීය යාන්ත්‍රණයක් බවයි.
සිය නිර්දේශය ඒ අවස්ථාවේ බොහෝ දෙනා වැරදි ආකාරයෙන් අර්ථ දැක්වූ බවත් සභාපතිවරයා පවසයි.
චැනල්4
කෙසේ නමුත් චැනල්4 නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, ජාත්‍යන්තර විනිසුරුවන්ගේද සහාය සහිත පරීක්ෂණයක් ශ්‍රී ලංකා ආණ්ඩුව සම්පූර්ණයෙන්ම බැහැර නොකරන බවයි.
අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමේ කොමිසම පසුගියදා යාපනයේ රැස් වූ අවස්ථාවේ තවත් පැමිණිලි 300 ක් ලැබුණු බව පවසන විශ්‍රාමික විනිසුරු මැක්ස්වල් පරණගම, මෑතදී තවත් කොමසාරිස්වරුන් දෙදෙනකු පත්කිරීමත් සමඟම අතුරුදහන්වූවන් සම්බන්ධ විමර්ශන කටයුතු පුළුල් වී ඇති බවත් පවසයි.
යුද සමයේ අතුරුදහන් වූ බොහෝ පුද්ගලයන් මේ වනවිට මියගොස් ඇතැයි විශ්වාස කෙරෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ තයිපොන්ගල් දිනයේ යාපනයේදී කළ ප්‍රකාශයකට එරෙහිව උතුරේ ජනතාව උද්ඝෝෂණවල නිරත වූහ.
අතුරුදහන් වූ බව විශ්වාස කළ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් විදේශ රටක අත්අඩංගුවේ පසුවන බව හෙළි වී ඇතැයි පවසන සභාපතිවරයා, අදාළ රට සමඟ සාකච්චා කොට ඔවුන් නිදහස් කරගැනීමේ හැකියාව පිළිබඳව විමසා බලන මෙන් විදේශ අමාත්‍යංශයට දැනුම් දී ඇති බවත් පවසයි.



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)




