අගමැති ප්‍රකාශයට එරෙහිව කිලිනොච්චියේ උද්ඝෝෂණ

ඡායාරූප මූලාශ්‍රය, b
දෙමළ ජාතික සන්ධානයේ නායකයින් පිරිසක් කිළිනොච්චියෙහි රැස් වී සිය දේශපාලන කමිටු රැස්වීම පවත්වමින් සිටියදී දෙමළ වැසියන් පිරිසක් එහි පැමිණ උද්ඝෝෂණය කරන්නට පටන් ගත්හ.
අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය තෛපොංගල් දිනයේ යාපනයේදී පැවැත්වූ කතාවේ දී ‘යුද සමයේ අතුරුදහන්වූවන් ජීවතුන් අතර නොමැති බව’ ප්‍රකාශ කර තිබියදීත් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් ඒ පිළිබඳව නිහඩව සිටින බවට චෝදනා එල්ල කරමිනුයි එකී විරෝධතා ව්‍යාපාරය පවත්වා තිබෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, b
විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් එම උද්ඝෝෂකයන් හමුවට ගොස් පවසා ඇත්තේ අගමැතිවරයා එසේ පැවසීම වැරදි බව තමාත් පිළිගන්නා බවයි.
එසේ පැවසීමට කිසිදු පදනමක් හෝ අයිතියක් අගමැතිවරයා සතු නොවන බව ප්‍රකාශ කළ ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා තමා අගමැතිවරයා හමු වී එම ප්‍රකාශය ගැන සාකච්ඡා කරණ බැවින් සන්සුන්ව කටයුතු කරන මෙන් උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලා සිටියේය.

එහෙත් උද්ඝෝෂකයන් එම ප්‍රකාශය පිළිගැනීමට මැළි වූ අවස්ථාවේ තවදුරටත් කරුණු පැහැදිළි කළ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ‘අගමැතිවරයා තම වචනයට ඇහුම්කන් නොදුන්නොත් තමා ද ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හඬක් නගා යුද සමයේ දී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල් වලට යම් සාධාරණයක් ඉෂ්ට කරණ’ බවයි කියා සිටියේ.




