ශ්‍රී ලංකා ගවයන්ට ජනාධිපති ආරක්‍ෂාව

ඡායාරූප මූලාශ්‍රය, President Office
ශ්‍රී ලංකාවේ ගව සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා ගව මස් ආහාර ලෙස ලබා ගන්නන්ට ඒවා පිටරටින් ආනයනය කර ලබා දෙන ලෙස තමන් මුදල් හා වෙළද අමාත්‍යවරයාට දන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
පයාගලදී පැවති තයිපොන්ගල් සැමරුම් උත්සවයකට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.
"පහුගිය දවස්වල අපේ අයවැය හදන කොට මම මුදල් ඇමතිතුමාට පැහැදිලි කළා, ගවයන් මරන්නේ නැතුව ගවමස් අවශ්‍ය අයට ගව මස් පිටරටින් ආනයනය කර ලබා දෙන ලෙස"
" මම වෙළඳ ඇමතිවරයාට කියනවා මේ රටේ ගව සම්පත ආරක්ෂා වෙන්න ප්‍රධාන වශයෙන් ගව මස් පරිභෝජනයට පිටරටින් ගව මස් ගෙනත් දෙන්න කියලා" ජනාධිපතිවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
තමන් කිසිම ආකාරයේ සත්ව හිංසාවකට විරුද්ධ බව ප්‍රකාශ කල ජනාධිපතිවරයා මස් මාංශ කෑමෙන් වැලකි සිටින අයෙකු ලෙස තමන්ට ඒ ගැන ප්‍රකාශ කල හැකි බවයි සඳහන් කළේ .
"මෙහෙ කලත් පිටරට කලත් මම කිසිසේත්ම සත්ව හිංසාව අනුමත කරන කෙනෙක් නෙවෙයි, මම මස් කන කෙනෙක් නෙවෙයි, ගව මස් විතරක් නෙවෙයි හැම මසක්ම, ඒ නිසා මට ඒ ගැන කතා කරන්න පුළුවන්" ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ගවයන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඇති නීති ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ පිළිබඳව අදාළ අංශ සොයා බැලීම වැදගත් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.




