දූෂිතයන්ට මගෙන් ඉඩක් නැහැ-ජනාධිපති

මොරගහකන්ද සංචාරයේදී ජනාධිපතිවරයා නවගුරුවෙල කණිෂ්ඨ විද්‍යාලය සිසු අයිතියට පවරමින්

ඡායාරූප මූලාශ්‍රය, b

ඡායාරූප ශීර්ෂ වැකිය, මොරගහකන්ද සංචාරයේදී ජනාධිපතිවරයා නවගුරුවෙල කණිෂ්ඨ විද්‍යාලය සිසු අයිතියට පවරමින්

දූෂිතයන් වංචාකාරයන් සහ නීති විරෝධී වැඩ කරන කිසිවකුට තමාගෙන් ඉඩක් නොමැති අතර දූෂිතයකුට තමා හමු වීමටවත් ඉඩක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියි.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීම සඳහා සහභාගී වෙමින්.

මොරගහකන්ද කළුගඟ බහු කාර්ය යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සහ කළු ගඟ ව්‍යාපෘති ඉංජිනේරු කාර්යාලය විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

‘මේ රටේ ජනතාව මම බලයට පත් කළේ මූලික වශයෙන් රටට අවශ්‍ය වෙනස්කම් වෙනුවෙන්. රටේ ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට මෙන්ම දූෂණයෙන් වංචාවෙන් සහ අක්‍රමිකතා වලින් තොර සමාජයක් ගොඩ නැගීමටයි. එම කාර්යය කිසිදු ආකාරයකින් දුර්වල වීමට මම ඉඩ තියන්නේ නැහැ’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණයෙන් කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, b

ශ්‍රී ලංකාව යහපත් රටක් කිරීමට ගත හැකි හැම පියවරක් ම ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රට ගොඩ නැගීම සඳහා සියලු දෙනාම එකතු කර ගනිමින් වංචාව දූෂණය සහ අක්‍රමිකතා පිටු දැකීමට හැම ක්‍රියාමාර්ගයක් ම ගන්නා බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියා සිටියේය.