පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට - ජනපති

ඡායාරූප මූලාශ්‍රය, newsfirst
ප්‍රාදේශීය සභා, නගර සභා ඇතුළු පළාත් පාලන ආයතනවල පාලන කාලය මැයි පහළොස් වැනි දින අවසන් වන බැවින් ඉන් අනතුරුව ඒවායේ කාලය දීර්ඝ නොකරන බව ජනපතිවරයා පවසයි.
පාලන කාලය ඉකුත් වී විසුරුවා හැරෙන එම පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පවත්වන තුරු විශේෂ කොමසාරිස්වරු පත් කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
"මේක රටේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිදු වෙන සාමාන්‍ය සිද්ධියක්. නමුත් සමහර වෙලාවට හෙට අනිද්දා තමුන්නාන්සේලා මාධ්‍ය තුළ දකීවි මේ පිළිබඳව නොයෙක් විදියේ විග්‍රහයන්," ජනාධිපතිවරයා කියා සිටියේ පයාගල පැවති රැස්වීමක් අමතා කතා කරමින්.

පළාත් පාලන ආයතනවල පාලන කාලය දීර්ඝ කිරීම, පසුගියදා ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් ඉදිරිපත් කෙරුණු එක් ප්‍රධාන ඉල්ලීමක්.
එම ආයතන දිගු කලක් කොමසාරිස්වරුන්ගේ පාලනයට නතු නොකරන නමුත් පළාත් පාලන මැතිවරණයට පෙර මහ මැතිවරණය පවත් වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම පවත්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




