ශ්‍රී ලාංකිකයන් හට නව පරිච්ඡේදයක් - එක්සත් ජනපදය

ඡායාරූප මූලාශ්‍රය, EPA
ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීම සඳහා අලුතින් තේරී පත් වූ ආණ්ඩුවට සහාය ලබා දෙන බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රතිඥා දෙයි.
දෙරටේ සබඳතා ශක්තිමත් කිරීමට ඇමරිකාව බලාපොරොත්තුවෙන් සිටින බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඉරිදා රාත්‍රියේ දුරකතනයෙන් අමතා පවසා ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පසු ගියදා අවසන් වූ ජනාධිපතිවරණයත් සමග ශ්‍රී ලංකාවේ වෙනසක් සිදු වනු ඇති බවට ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා බලාපොරොත්තු පළ කළේය.
පැවති මැතිවරණය ශ්‍රී ලාංකිකයන් හට සිය ගමන් මගෙහි වෙනසක්, නව පරිච්ඡේදයක් සහ නව අවස්ථා ඇති කිරීමේ මං සලකුණක් වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ.
නමුත් මේ වනතුරු ශ්‍රී ලංකාව හමුවේ සැබෑ අභියෝග ඇති බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සඳහන් කළේය.




