යළි සියරට එන්න - මාධ්‍යවේදීන්ට ආරාධනා

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ගේ ජයග්‍රහණයට සුභ පතන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සමඟම රටින් පිටුවහල්ව සිටින මාධ්‍යවේදීන් යළි සියරට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරයි.
ජනපතිවරණයේ අවසාන ප්‍රතිඵලය මෙතෙක් නිකුත් වී නොමැති වුවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට <link type="page"><caption> සිය පරාජය</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150109_president_leaves" platform="highweb"/></link> පිළිගෙන තිබේ.
මේ අතර ජ්‍යෝතිෂවේදීන් සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන්නේ නම්, එය වැළැක්වීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය වුවහොත් සිය දිවි නසාගන්නා බව චන්ද්‍රසිරි බණ්ඩාර සහ <link type="page"><caption> මාපලගම විමලරත්න</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150107_galle_voters" platform="highweb"/></link> ජ්‍යෝතිෂවේදීන් දෙදෙනා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.




