කාන්තා විස්සයි විස්ස කුසලානය ඕස්ට්‍රේලියාවට

2009 දීත් කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත්තේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2009 දීත් කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත්තේ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි

බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසාන මහා තරඟයේදී එංගලන්ත කණ්ඩායම කඩුලු හයකින් පරාජයට පත් කළ <link type="page"><caption> ඕස්ට්‍රේලියානු කාන්තා පිල</caption><url href="http://www.bbc.co.uk/sport/0/cricket/26895578" platform="highweb"/></link> ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 106 ඉලක්කය හඹා ගියේ තවත් පන්දු 26 ක් ඉතිරිව තිබියදී.

මේ අනුව 2009 ඔක්තෝබර් අට වැනි දින ශ්‍රී ලංකාවේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයේදී ශූරතාවය දිනා ගත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම එම කුසලානය රැක ගැනීමට සමත් විය.

මේ වන විට කාන්තා ලෝක ශූරතාවය උසුලන්නේද ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

ලකුණු 16 කට කඩුලු තුනක් දවා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සේරා කොයිට් තරඟයේ හොඳම ක්‍රීඩිකාව ලෙසින් නම් කෙරුණු අතර, ආන්යා ශ්රුබ්සොල් තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් තෝරා ගන්නා ලදි.

විස්සයි විස්ස පුරුෂ අවසාන මහා තරඟයේ සජීවී විස්තර විචාරයක් සංදේශය ඔස්සේ බලාපොරොත්තු වන්න.