යානය සෙවීමට 'සහාය දෙනවා ඒත් ඉල්ලීමක් නෑ'

ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩලය වෙත පරීක්ෂණවල අවධානය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩලය වෙත පරීක්ෂණවල අවධානය

අතුරුදහන්ව තිබෙන මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් සඳහා සහාය ඉල්ලා සිටියහොත් එය සලකා බැලීමට සූදානම් බව ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය පවසයි.

එහෙත් මැලේසියානු ආණ්ඩුව තවමත් නිල වශයෙන් ඉල්ලීමක් කොට නැති බවයි, ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂවරයකු වන අතුල ජයවික්‍රම බීබීසී සංදේශයට කියා සිටියේ.

අතුරුදහන්ව තිබෙන මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා ගුවන් සීමාව දක්වා ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අවසර දී ඇති බව <link type="page"><caption> ඩේලි මිරර් පත්‍රය</caption><url href="http://www.dailymirror.lk/top-story/44636-mh370-sl-gives-over-flight-clearance-for-search-and-rescue-ops.html" platform="highweb"/></link> වාර්තා කොට තිබුණි.

මැලේසියානු ආණ්ඩුව වෙනුවෙන් කොළඹ පිහිටි මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලය එම ඉල්ලීම කළ බවත් විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් පුවත්පත වාර්තා කළේය.

ගුවන් පථ

ගුවන් යානයට සිදු වූ දේ තවමත් අබිරහසක් වන අතර, යානයේ එක් නියමුවෙකුගේ නිවසේ තිබූ ගුවන් යානා ආදර්ශයේ ශ්‍රී ලංකාව, මාලදිවයින, දියෙගෝ ගාර්ශියාව ඇතුළු රටවල ගුවන් පථයන් දක්නට ලැබුණු බව මැලේසියාවේ පොලිසිය පවසයි.

යුරෝපයේ සහ ඇමෙරිකානු ගුවන් පථයන්ද එහි තිබුණු බව පවසන බලධාරීන්, ගුවන් පථ සිය ගණනක් හෝ ඇතැම්විට දහස් ගණනක් එවැනි ආදර්ශවල දක්නට ලැබීම සාමාන්‍ය සිදුවීමක් බවද පවසයි.

ගුවන් නියමු සහාරි අහමඩ් ෂාගේ නිවසේ ගුවන් යානා ආදර්ශයක 'ශ්‍රී ලංකාවේ ගුවන් පථද ඇතුලත්'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන් නියමු සහාරි අහමඩ් ෂාගේ නිවසේ ගුවන් යානා ආදර්ශයක 'ශ්‍රී ලංකාවේ ගුවන් පථද ඇතුලත්'

ආදර්ශයේ වැඩිපුරම නිරීක්ෂණය කොට තිබෙන්නේ කවර ගුවන් පථයන්ද යන්න පිළිබඳ සිය අවධානය පළ වී තිබෙන බවයි, පරීක්ෂකයන් පවසන්නේ.