මාධ්‍ය නිදහස අඩුම රටවල් දහය අතරට ශ්‍රී ලංකාව

ඡායාරූප මූලාශ්‍රය, KS Udayakumar
‘දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ’ සංවිධානය ඉදිරිපත් කර ඇති මාධ්‍ය නිදහස පිලිබඳ දර්ශකයේ, ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ එකසිය හැට පස් වැනි ස්ථානය යි.
යුද හමුදාව විසින් රටේ ප්‍රවෘත්ති හසුරුවන තත්වයක් පැවතීම නිසා ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට මහත් පීඩාවක් එල්ල වී ඇතැයි දේශ සීමා නොමැති මාධ්‍යවේදියෝ හෙවත් RFS සංවිධානය පවසයි.
RFS ඉදිරිපත් කර ඇති මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයට අනුව ලෝකයේ මාධ්‍ය නිදහස අඩුම රටවල් දහය අතරට ශ්‍රී ලංකාව වැටී තිබේ.
'ස්වයං වාරණයක්'
RSF හා එක්ව එම දර්ශකය සම්පාදනය කළ JDS සංවිධානයේ කැඳවුම්කරු රෝහිත භාෂණ අබේවර්ධන කියා සිටියේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළ ස්වයං වාරණයක් දැඩි ලෙස ක්‍රියාත්මක වන බවයි.
‘වාර්තාකරණයේ දී මාධ්‍යකරුවාට තීරණයක් ගන්න සිද්ධ වෙනවා මෙය වාර්තා කිරීමෙන් ලංකාව තුළ තිබෙන බෙදුම් රේඛාවේ තමන් වැටෙන්නේ දේශද්‍රෝහියෙකුගේ ගණයට ද නැත්නම් දේශප්‍රේමියෙකුගේ ගණයට ද කියල. මේ මූලික බෙදුම් රේඛාව ඇතුළත තමයි ලංකාවේ ජන මාධ්‍ය සහ සමස්ත සිතියම පාලනය කරන්නේ.’ රෝහිත භාෂණ අබේවර්ධන පැවසීය.
'මූලාශ්‍ර පිළිබඳව ප්‍රශ්නයක්'
මාධ්‍ය නිදහස පිලිබඳ ලෝක දර්ශකය ගැන සංදේශය කළ විමසීමක දී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ මෙම සමීක්ෂණයට අදාළ මූලාශ්‍ර පිළිබඳව ප්‍රශ්නයක් ඇති වන බවයි.
‘නෑ, මම පිළිගන්නේ නැහැ ඒක. හේතුව මාධ්‍ය ඇමතිවරයාට එරෙහිව ප්‍රධාන ශීර්ෂ පාඨයකින් ප්‍රහාරයක් එල්ල කරල තිබුණ. එවැනි මාධ්‍ය නිදහසක් තියෙන රටක මොකක්ද මේ කතාව. ඒ නිසා ඒ මූලාශ්‍රය සම්බන්ධව ප්‍රශ්නයක් ඇති වෙනවා.’ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තවදුරටත් කියා සිටියේ ය.




