2010 පසු අතුරුදහන් කිරීම් නැහැ - කෙහෙළිය

හෙරොයින් තොගයක් සහිත කන්ටේනරයක් රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ ශීර්ෂය සහිතව යොමු කොට ඇතැයි පැවසෙන ලිපිය පිළිබඳව අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සුජීව සේනාසිංහ අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් විවාදයක් ඇති විය.
අගමැති වරයා එම අවස්ථාවේ පිළිතුරු දෙමින් කියා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන හෙයින් තමා ඒ ගැන පාර්ලිමේන්තුව තුළ හෝ මාධ්‍යය ඉදිරියේ අදහස් නො දැක්වූ බවයි.
චැනල් 4
මේ අතර ඊයේ සවස ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගත් අවස්ථාවේ දී එම සාකච්ඡාවට එක් වෙමින් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යයන්හි පළ වෙන වාර්තාවලින් 99% ක් ම අසත්‍ය ඒවා බවයි.

ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් විවේචනය කිරීම මාධ්‍යයට තහනම් කර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා, චැනල් - 4 මාධ්‍යවේදීන්ගේ වාර්තා තමන් පිළි නො ගත්තත්,ඔවුන් නිර්භීතව මාධ්‍යකරණයක නියැලෙන පිරිසක් බවයි කියා සිටියේ.
එබඳු නිර්භීතභාවයක් වෙනුවට ලංකාවේ ජාතික පුවත්පත් වල කතුවරුන් ජනාධිපතිවරයා සමඟ තේ පානය කරමින් කේක් බුදිමින් සිටින බවයි, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය වුනේ.
ක්‍රිකට් විකාශන අයිතිය
ක්‍රිකට් විකාශන අයිතිය පෞද්ගලික නාලිකාවකට ලබා දීමත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.

ජන මාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදහස් දක්වමින්, පසුගිය අවුරුදු පහ හය ඇතුළත රාජපක්ෂ පවුල, රාජපක්ෂ නාමය තරම් වෙනත් කිසිවක් විවේචනයට ලක් නොවූ බවයි, කියා සිටියේ.
කැලෑ නීතිය රජ කළ වසර තිහක යුගයක් තිබුණ බව පැවසූ අමාත්‍යවරයා, මාධ්‍යයට මෙන් ම රටේ සියලු අංශ වලට එමගින් බලපෑමක් එල්ල වූ බවයි කියා සිටියේ.
2010 වසරෙන් පසු අතුරුදහන්වීම් කිසිවක් වාර්තා වී නොමැති බව අවධාරණය කල කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා, චැනල් - 4 නාලිකාව ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කිරීමේ ව්‍යාපෘතියක නිරත වෙමින් ඇති බවයි සඳහන් කළේ.



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)




