මධ්‍යම සහ වයඹින් පාලක සන්ධානයට ඉහල ජයක්

සෙනසුරාදා පැවැත්වුණු මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණවලින් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි වී තිබේ.
මධ්‍යම පළාත් සභාවේ ආසන පනස් අටෙන් ආසන තිස් හයක් ජයග්‍රහණය කළ පාලක සන්ධානය වයඹ පළාතේද ආසන පනස් දෙකෙන් ආසන තිස් හතරක් ජයග්‍රහණය කොට තිබේ.
සාමාන්‍යයෙන් මධ්‍යම පළාතේ ඉදිරියෙන් සිටින එක්සත් ජාතික පක්ෂයට හිමි වී තිබෙන්නේ ආසන දහසයකි. වයඹ පළාතේ එජාපය දිනා ගැනීමට සමත් වී තිබෙන්නේ ආසන දාහතරක් පමණයි.
හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පළාත් සභා දෙකෙන් ආසන පහක් දිනා ගැනීම මෙවර මැතිවරණයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක්.
මධ්‍යම පළාතේ එක ආසනයක් හෝ දිනා ගැනීමට අපොහොසත් වී ඇති ජනතා විමුක්ති පෙරමුණ වයඹ පළාතේ එක ආසනයක් දිනා ගෙන තිබේ.




