වැලිවේරිය: පහර කෑ මාධ්‍යවේදීන්ට 'හමුදාව තර්ජනය කරනවා'

වැලිවේරියේ රතුපස්වල ජනතාවට එල්ල වූ ප්‍රහාරය වාර්තාකරමින් සිටියදී හමුදාවේ පහර කෑමට ලක් වූ මාධ්‍යවේදීන් බිය ගන්වමින් සිටින බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හමුදාවට චෝදනා කරයි.
පසුගිය අගෝස්තු පළමු වෙනිදා පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුනු ප්‍රදේශවාසීන්ට හමුදාව වෙඩි තැබීමෙන් තිදෙනකු මරුමුවට පත්ව තවත් විශාල පිරිසකට තුවාල සිදුවිය.
එම ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන හමුදා පරීක්ෂණය වෙනුවෙන් සාක්ෂි දෙන මෙන් ආරක්ෂක හමුදාව මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබේ.
එහෙත් හමුදාවේ පහර කෑමට ලක් වූ මාධ්‍යවේදීන් හමුදා පරීක්ෂණයට කැඳවීම ඔවුන්ට කරන තර්ජනයක් බවයි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර ඒඑෆ්පී පුවත් සේවයට පවසා තිබුනේ.
සාධාරණ පරීක්ෂණයක් සඳහා ඔවුන්ගේ කට උත්තර ද වැදගත් බවයි, එයට ප්‍රතිචාර දක්වමින් හමුදා ප්‍රකාශකවරයා පවසන්නේ.




