රැජින සහ හිටපු අයි ආර් ඒ නායකයන් අතර හමුවක්

ඡායාරූප මූලාශ්‍රය, AP
බ්‍රිතාන්‍ය එලිසබත් රැජින, උතුරු අයර්ලන්ත ජනරජ හමුදාවේ (අයි.ආර්.ඒ.) හිටපු ප්‍රධාන නායකයකු වන, උතුරු අයර්ලන්තයේ නියෝජ්‍ය මහ ඇමති මාර්ටින් මැගිනස් සමග අතට අත දුන්නාය.
උතුරු අයර්ලන්තයේ සංචාරයක නිරත වෙමින් සිටින එලිසබත් රැජින බෙල්ෆාස්ට් නගරයේ නෘත්‍යාගාරයකදී මාර්ටින් මැගිනස් සමග අතට අත දෙද්දී ඔවුන් සිනාමුසුව සිටිනු දක්නට ලැබුණි.
උතුරු අයර්ලන්තයේ සංහිදියාව ඇති කිරීම සඳහා කටයුතු කරන අයර්ලන්ත සහයෝගිතා ව්‍යාපාරය විසින් සංවිධානය කළ එම අවස්ථාව මාධ්‍ය මගින් විස්තර කෙරුනේ උතුරු අයර්ලන්ත සාම වැඩපිළිවෙලේ සංකේතාත්මක මොහොතක් හැටියටයි.
පළමුව ලිරික් නෘත්‍යාගාරයේදී මැගිනස්ට අතට අත දුන් රැජින පසුව මහජන හමුවකදීද ඔහු සමග අතට අත දෙනු දක්නට ලැබුණි.
මාර්ටින් මැගිනස්, උතුරු අයර්ලන්තය බ්‍රිතාන්‍ය පාලනයෙන් මුදා ගැනීම සඳහා දිගුකලක් සටන් වැදුන අයි.ආර්.ඒ. නායකයෙක්. දෙවන එලිසබත් රැජිනගේ ඤාති සහෝදරයකු වූ මවුන්බැටන් සාමිවරයා මරා දැමුනේ ද අයි.ආර්.ඒ. බෝම්බ ප්‍රහාරයකින්.
බ්‍රිතාන්‍ය රැජිනගේ දින දෙකක උතුරු අයර්ලන්ත සංචාරය ආරම්භ වුනේ, දියමන්ති ජුබිලි උත්සව මාලාවේ කොටසක් හැටියටයි. පසුගිය අඟහරුවාදා, සියයක් පමණ වූ උතුරු අයර්ලන්ත තරුණයන් කණ්ඩායමක්, බෙල්ෆාස්ට් නගරයේදී පොලිසියට පැට්‍රල් බෝම්බ වලින් පහර දීමේ සිද්ධියක් ද වාර්තා විය.




