නිමලරාජන් ඝාතනය කොට අදට වසර 22 කි.

Mylvaganam Nimalrajan memorial

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කොට අදට වසර 22 කි.

යුද සමයේ යාපනය ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු නිමලරාජන් මයිල්වාහනම්ගේ ඝාතනය කොට අදට වසර 22කි. එය නිමිති කොට ගෙන වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීහු සහ වවුනියාව මාධ්‍ය සමාජය විසින් අද (19) ස්මරණය වැඩසටහන් දියත් කළහ.

Mylvaganam Nimalrajan memorial

වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ නිමලරාජන් මයිල්වාහනම් ඝාතනයට ලක්වි වසර 22 ක් ගතවි ඇති අතර, මේ දක්වා අදාළ ඝාතනය වෙනුවෙන් සාධාරණය ඉටුවි නොමැති බවයි.

Mylvaganam Nimalrajan memorial

බීබීසී දෙමළ හා සිංහල සේවය ඇතුලු මාධ්‍ය රැසක් වෙනුවෙන් සේවය කළ නිමලරාජන් මයිල්වාහනම් 2000 වසරේ ඔක්තෝම්බර් 19 වැනිදා වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්විණ.

Mylvaganam Nimalrajan memorial

යුද සමයේ ‍උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් හඬක් නැඟු නිමලරාජන් ඝාතනයට එවක පාලකයින් වගකිව යුතු බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූහ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ 2000 වසරේදී ආණ්ඩුවට එරෙහිවීම වෙනුවෙන් නිමලරාජන් ඝාතනය කිරීමට එවක ආණ්ඩුව කටයුතු කළ බවයි.

නිමලරාජන්ගේ ඝාතනය වෙනුවෙන් ඊ.පි.ඩි.පි පක්ෂය වෙනුවෙන් චෝදනා එල්ලවුවද අදාළ ඝාතකයින් වෙනුවෙන් දඩුවම් හිමිනොවිණ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ නිමලරාන් මහතා හා උතුරේ ඝාතනයට ලක්වු ධර්මරත්නම් ශිවරාම් ඇතුලු මාධ්‍යවේදීන්ගේ ඝාතනයන් වෙනුවෙන් වහාම සාධාරණත්වය ඉටුකළ යුතු බවයි.

Mylvaganam Nimalrajan memorial

කෙසේ වෙතත් මාධ්‍යවේදී මෛල්වාගනම් නිමලරාජන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 48 හැවිරිදි සැකකරුවෙකු ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිස් යුද අපරාධ අංශය විසින් මේ වසරේ පෙබරවාරි 24 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

වසර 22කට ආසන්න කාලයක් වරින්වර සැකකරුවන් අත්අඩංගුවට ගැනුන ද මේ දක්වා කිසිවෙකු වරදකරු වී නොමැත.

මෙයත් නරඹන්න :

වීඩියෝ ශීර්ෂ වැකිය, වසර 22කට පෙර ඝාතනය කළ මාධ්‍යවේදියාට සාධාරණයක් ඉටුවේද ?