මෛල්වාගනම් නිමලරාජන් ; වසර 22කට පෙර ඝාතනය කළ මාධ්‍යවේදියාට සාධාරණයක් ඉටුවේද ?
Published
2000 ඔක්තෝබර් 19 වැනිදා යාපනයේදී මාධ්‍යවේදී මෛල්වාගනම් නිමලරාජන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 48 හැවිරිදි සැකකරුවෙකු ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිස් යුද අපරාධ අංශය විසින් මේ වසරේ පෙබරවාරි 24 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.
වසර 22කට ආසන්න කාලයක් වරින්වර සැකකරුවන් අත්අඩංගුවට ගැනුන ද මේ දක්වා කිසිවෙකු වරදකරු වී නොමැත.
එම පසුබිම තුළ ලන්ඩනයේදී කළ අත්අඩංගුවට ගැනීම මෙම පරීක්ෂණවල හැරවුම් ලක්ෂයක් වේද?
මේ ගැන නිමලරජන්ගේ පවුලේ සාමාජිකයන් සමග ද සාකච්ඡා කර බීබීසී දෙමළ සේවය සකස්කළ වීඩියෝවක් මෙහි දැක්වේ.

