ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'දේශපාලන බලය අත්හැරීම විරලයි; සැබවින්ම එය දුෂ්කර තීරණයක්'
දේශපාලන ලෝකය තුළ වැඩියෙන්ම දකිනු ලබන්නේ දේශපාලන බලය ගැනීම සඳහා වන ප්‍රයත්නයන් බවත්, බලය සහ තනතුරු අත්හැරීම සිදු වන්නේ ඉතාම කලාතුරකින් බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේබව කියා සිටියේය.
දේශපාලන බලයත් අත්හැරීම අන් සියල්ලටත් වඩා විලරල බව පොදු ජන පෙරමුණ පෙන්වා දෙයි.
"එදා මෙදා තුර ඉතිහාසයේ මෙරට කිසිදු විධායක ජනාධිපතිවරයකු සිය ධුර කාලය නිමවීමට පෙර බලය අතහැර තනතුරෙන් නික්ම ගොස් නැත. සැබවින්ම එය දුෂ්කර තීරණයකි."
ජනාධිපති ගෝඨාගෙ රාජපක්ෂ ඒ අසීරු තීරණයට එළඹ ඇති බවත් ඔහු ජනාධිපති ධුරය නික්ම යාමට අදාළ ඉල්ලා අස්විමේ ලිපියට අත්සන් තබන්නේ ධුර කාලයෙන් හරි අඩක් ඉතිරිව තිබියදී බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පෙන්වා දෙයි.
තිස් වසරක බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කර මව් බිමට සාමය දිනා දීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර විශිෂ්ඨත්වයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණය ඉතිහාසගත ජනවරමක් සහිතව විජයග්‍රහණය කළ බව පොදු ජන පෙරමුණ සඳහන් කළේය.
ජනාධිපති ධුරයට පත් වී මාස තුනක් ගතවන්නටත් පෙර කොවිඩ් වසංගතයෙන් සහෝදර රට වැසියන්ගේ ජීවිත බේරා ගැනීමේ සංකීර්ණ අභියෝගයට මුහුණ දීමට ගෝඨාභය රාජපක්ෂට සිදුවිය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කොවිඩ් ව්‍යසනය විධිමත්ව කළමනාකරණය කිරීමට සමත් වූ බව ජාත්‍යන්තරය පවා පිළිගෙන තිබුණූ බව පොදුජන පෙරමුණ සඳහන් කළේය.
දීර්ඝකාලීන හේතු මත නිර්මාණය වෙමින් තිබූ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ගැටලුව කොවිඩ් ව්‍යසනය හමුවේ බරපතළ අර්බුදයක් දක්වා වර්ධනය විය.
එය මෙරට විදේශ විනිම අර්බුදයේ උච්චතම අවස්ථාව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේය.
යුද බිමේ රණ විරුවෙකු ලෙසත්, රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ලෙසත්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ලෙසත් ගෝඨාභය රාපක්ෂ ඉටු කළ සේවයට ආචාරය පුද කරන බවත්, අනාගත පුරවැසියන් ගේ හෘද සාක්ෂිය තුළින් ගෝඨාභය රාජපක්ෂ වැනි අවංක මිනිසකුගේ වටිනාකම් පිළිබඳ සංවාදයක් නියත වශයෙන්ම නිර්මාණය වනු ඇතැයිද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කළේය.