අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට සතියක් කල් දෙයි

මන්ත්‍රී උදය ගම්මන්පිල

සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට තමන් ඇතුලු මන්ත්‍රීවරුන් 120ක ගේ සහය ඇති බැවින් ආණ්ඩුවට ඉවත් වීමට සතියක් කල් දෙන බව මන්ත්‍රී උදය ගම්මන්පිල අද අවධාරණය කළේය.

අද දහවල් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ ආණ්ඩුව ඉවත් වන්නේ නැත්නම් නැත්නම් විශ්වාසභංගය අනිවාර්යයෙන්ම මේ සතියේ භාර දෙන බවයි.

අන්තර් කාලීන ආණ්ඩුවක් හැදීමට බලාපොරොත්තු වන්නේ සැමට පිළිගත හැකි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමෙන් බවද ඔහු සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බවට ආණ්ඩුවේම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇත.

"අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙන්න!"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඒ, යොවුන් මන්ත්‍රීවරුන් පිරිසකගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දී සතියක් ගතවීමට පෙර වීම මෙම අස්ථාවර දේශපාලන වාතාවරණයේ තරම පැහැදිලි කරන කාරණයකි.

හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අහප්පෙරුම පළමුව ලිඛිතව එම ඉල්ලීම සිදුකළ අතර, ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙකු වන මහචාර්ය චරිත හේරත් ද එම ස්ථාවරය අනුමත කළේ ය.

වහා කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී, ජාතික න්‍යාය පත්‍රය පෙරදැරි කරගත් සර්වපාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනඟා, මෙම අභියෝගය එක්සත්ව ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව සලසාදීම බව මන්ත්‍රී අලහප්පෙරුම ප්‍රකාශ කරයි.

එම තීරණයට එළැඹීමට ප්‍රමාද වන සතියක් පාසා සිදුවන්නේ රටේ අනාගතය සහ ස්ථාවරත්වය වසර ගණනාවකින් විනාශකර දැමීම බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමිනි.

මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ මෙසේ ද දැක්වෙයි:

"මීට වසර දෙකකට ඉහතදී ජනතාව අප පිළිබඳව තැබූ විශ්වාසය ඉතා බරපතළ ලෙස නාය යමින් තිබෙන බව මෙන්ම, එසේවීමට කේන්ද්‍රීය හේතූන් කුමක්දැ යි අප අවංකවම හඳුනාගත යුතුව ඇත. අප දේශපාලන දිවිය තුළ මුහුණ පා සිටින බරපතලම ආර්ථික අර්බුදය නිර්මාණය වූයේ වත්මන අප ද වගකිවයුතු පසුගිය දශක හතරක රාජ්‍ය පාලනයන් විසින් අනුගමනය කරනු ලැබු අතාර්කික, අදූරදර්ශි, මෙන්ම ඇතැම් විට අනීතික ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අවසන් ප්‍රතිඵලය ලෙසිනි. එම අවිචාරවත් රාජ්‍ය මූල්‍ය පිරිහීමට අමතරව කොවිඩ් වසංගතය විසින් සමස්ත රාජ්‍ය දේහයම ඔත්පලකොට, පුරවැසියන් අපේක්ෂාභංගත්වයේ මාවතකට යොමු කර ඇත."

"අවිද්‍යාත්මක කළමනාකරණයක් විසින් බරපතළ ඛේදවාචකයකට ඇද දමා තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය යථාවත් කිරීමේ අසීරු අභියෝගය භාරගත්" ඇමැති අලී සබ්රි හා නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ සියලු නිලධාරීන්ට ද පුරවැසියන්ගේ බුහුමන නොසඟවා හිමිකළ යුතුබව ද මන්ත්‍රී අලහප්පෙරුම ප්‍රකාශ කරයි.

නූතන පරම්පරාව "පඹයන්" නොවන බව ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටිනබව පවසන මන්ත්‍රීවරයා, බලය ලබාගැනීම සඳහා අසීමිත කැපවීම් කළ මහජනතාව මෙන්ම ඒ සඳහා යාන්ත්‍රණය සැකසූ ශාඛා සංවිධානයේ සිට පළාත් පාලන ආයතන නියෝජිතයින් හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් දක්වාම වෙහෙසුණු, කැපවීම් කළ බොහෝනායකයින්ට ගෝත්‍රික දේශපාලන හිංසනයන්ට මුහුණදීම හැර අන් ගෞරවයක් හිමි නොවූ බව ද ප්‍රකාශ කරයි.

එසේම, දාදු බලයෙන් හෝ බාහු බලයෙන් බලයේ රැඳී සිටීමේ අපේක්ෂාව පෙරදැරිව සිදුකරන ගතානුගතික "මන්ත්‍රීන් වෙන්දේසි කිරීමේ කෛරාටික දේශපාලන උපක්‍රම" මඟින් සිදුවන්නේ අර්බුදයේ ගැඹුර සහ පරිමාව පුළුල්වීම පමණක් බව ඔහු අවධාරණය කරයි.

අලහප්පෙරුම මන්ත්‍රීවරයා යෝජනා කරන්නේ, පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන හැකි සෑම පක්ෂයකම නියෝජනයකින් අවංක එකඟතාවක් ඇති, කුඩා කැබිනට් මණ්ඩලයක් උපරිම වශයෙන් වසරක කාලසීමාවක් සඳහා පත්කර ගන්නා ලෙස යි.

"ඒ අනුව, ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින්, ජීවත්වීම සඳහා අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අදෝනාවන්ට සංවේදී වෙමින් වහා සිදු කළ යුත්තේ, ගරු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ජාතික න්‍යාය පත්‍රය පෙරදැරි කරගත් සර්වපාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනගා මෙම අභියෝගය එක්සත්ව ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දීම යි... එම තීරණයට එළැඹීම සඳහා ප්‍රමාද වන සතියක් පාසා සිදුවන්නේ රටේ අනාගතය සහ ස්ථාවරත්වය වසර ගණනාවකින් විනාශකර දැමීම බව අවම වශයෙන් මේ දැවෙන තත්පරයේ දී හෝ අප අවබෝධකර ගත යුතුව තිබේ," ඔහුගේ ප්‍රකාශයේ දැක්වෙයි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ තමාගේ මෙන්ම ජනාධිපතිවරයාගේ ද පාසැලෙන් දායාද වූ උදෘත පාටය උතුම් බොදු වදනක් වන "අප්පමාදෝ අමතපදං" බව යි. මෙම තීරණාත්මක මොහොතේ දී අප්‍රමාදව කටයුතු කරනු ඇතැ යි යන්න පොදු මහජනතාවගේ නොතිත් අභිලාෂය බව ඔහු ප්‍රකාශ කරයි.

මහාචාර්ය චරිත හේරත් ද ටුවිටර් පනිවිඩයක් නිකුත් කරමින්, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ යෝජනාව තමා ද අනුමත කරන බව කියා සිටියේ ය. හැකි ඉක්මනින් සියලු පක්ෂ සමග සහයෝගයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ද ඔහු අවධාරණය කළේ ය.

ඩලස් අලහප්පෙරුම යෝජනා කරන පරිදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ඉවත් විය යුතු බව තමාගේ ද අදහස බව ඔහු සඳහන් කළේ ය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු දසදෙනෙකුගෙනුත් ජනපතිට ලියුමක්

නිවැරදි ආර්ථික සහ දේශපාලනික වැඩපිලිවෙලකට එකඟ වන සෑම විරුද්ධ පක්ෂයකම නියෝජනයෙන් යුත් සර්වපාක්ෂික නව කැබිනට් මණ්ඩලයක් පත්කර අර්බුදයට විසඳුමක් ලබාදීමට කැපවන ලෙස පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දසදෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඒ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

කේ. ඒ. පී. එස්. කුමාරසිරි, ලලිත් එල්ලාවල, සුදත් මංජුල, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, උදයන කිරිඳිගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, ගුණපාල රත්නසේකර, අකිල එල්ලාවල, සහ උදයකාන්ත ගුණතිලක යන මන්ත්‍රීවරුන් මෙම ලිපිය යොමුකර ඇත.

එමඟින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බරපතල ආර්ථික පරිහානියකින් පීඩා විඳින ජනතාව ඉන් මුදාගැනීම සඳහා කඩිනම් සාමුහික තීන්දුවක් ගත යුතු බව යි.

ආණ්ඩු පක්ෂය ලෙස බහුතරය ආරක්ෂ වීම සම්බන්ධයෙන් ආඩම්බර විය යුතු නමුත්, බහුතරය අහිමිවීම සම්බන්ධයෙන් තර්ජනයක් තිබෙන බව ප්‍රායෝගිකව පිළිගත යුතු බව ද ඔවුන් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙහි දැක්වෙයි.

සංශෝධන සහිතව 19 බලාත්මක කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීමේ යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (අප්‍රේල් 25) සවස රැස්වීමට නියමිත කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

රටේ හමුවේ පවතින අභියෝගය ජය ගැනීම සඳහා ගත යුතු කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසඳුම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා නව ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව පසුගිය 19 දා පාර්ලිමේන්තුවේ දී ද අදහස් පළ කළේ ය.

රටේ ආර්ථික, දේශපාලන හා සමාජයීය ස්ථාවරත්වයක් සඳහා ගත හැකි කඩිනම් හා ප්‍රායෝගික විසඳුම ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇතිවිය යුතුයැ යි තමා විශ්වාස කරන බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ ය.

එහි ආරම්භක පියවර ලෙස 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම කෙටිකාලීනව ගත හැකි කාලෝචිතම විසඳුම බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.