අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි - චම්පික රණවක

ඡායාරූප මූලාශ්‍රය, YouTube
කතානායකවරයාට හෝ අධිකරණයට කිසිදු දැනුම් දීමකින් තොරව තමන් අත්අඩංගුවට ගැනීම "නීති විරෝධී" බව හිටපු අමාත්‍ය චම්පික රණවක අවධාරණය කරයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිස සිය නිවසට ඇතුළු වූ අවස්ථාවේ එහි රැස්ව සිටි පිරිස අමතමින් ඒ බව සඳහන් කළ මන්ත්‍රීවරයා, පොලිස් නිලධාරීන් ඒ බව නියෝජ්‍ය කතානායකවරයාට දැනුම් දුන්නේ තමන් ඒ ගැන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව බව ද කියා සිටියේය.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හිටපු අමාත්‍ය චම්පික රණවක ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබිණ.
"එළියට ගිහිල්ල නියෝජ්‍ය කතානායකතුමාට කතා කළා, මේ නන්දන කියන මහත්මය. ඊට පස්සේ කිසිම ආකාරයකින් දැනුම් දීමකින් තොරව - උසාවියට කිසිදු දැනුම් දීමකින් තොරව මෙතෙන්ට ඇවිල්ල මේ කටයුතු කරන්නේ. දැන් තමයි මහේස්ත්‍රාත්ට දැනුම් දීල තියෙන්නේ, කතානායකට දැනුම් දෙන්නේ මේකට ඇතුළු වුනාට පස්සේ," ඔහු පැවසීය.
"නීති විරෝධී ඇතුළුවීමක් මේ නිලධාරීන් මේ කරන්නේ," යනුවෙන් කියා සිටි ඔහු, එය විග්‍රහ කළේ තමන් "බලහත්කාරයෙන් රැගෙන යාමක්" ලෙසිනි.
ඔහු අදහස් දක්වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ ජාල ඔස්සේ බෙදා හැර තිබිණ.
මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of YouTube post
චම්පික රණවක මන්ත්‍රීවරයා එල්ල කරන චෝදනා පිළිබඳව විමසීම පිණිස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසින් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවරක්ම කළ උත්සහය සාර්ථක නොවීය.
2016 දී සිදු වූ මාර්ග අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා මෙන් නීතිපතිවරයා පොලිසියට උපදෙස් දී ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසන්නේ චම්පික රණවක මන්ත්‍රීවරයාගේ රියදුරා "නීති විරෝධී ලෙසින් අත්අඩංගුවට ගැනීමේ" උත්සහයෙන් අනතුරුව "පලිගැනීමේ දේශපාලනය ආරම්භ වී ඇති" බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි රැස්ව සිටි මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් කෑ කෝ ගසන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ද චම්පික රණවක මන්ත්‍රීවරයා සමඟ සිටින ඡායාරූපයක් ද එහි දැක්වේ.
පසුගිය සඳුදා (දෙසැම්බර් 16) අධිකරණය හමුවේ කරුණු දැක්වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ, පොලිසිය ඔහුගේ රියදුරු දිළුම් තුසිත කුමාරගේ ගාල්ල ඉමදූව ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ඔහුගේ බිරිඳත් අවුරුදු එකහමාරක දියණිය සහ ඔහුගේ මව ද පැහැරගෙන බත්තරමුල්ල ප්‍රදේශයට රැගෙන විත් ඇති බවය.
ඒ අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැවසුවේ රියදුරුගේ පවුලේ සාමාජිකයින් කොළඹට පැමිණියේ සිය කැමැත්තෙන් බවය.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයකු රිය අනතුරකට භාජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පසුගියදා නැවත පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඒ අනුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට සහ ඔහුගේ රියදුරු දිළුම් තුසිත කුමාර යන අයට විදේශ ගමන් තහනමක් පැනවීමට අධිකරණය නියෝග කළේය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා 2016 වසරේ සිදුවූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ රියදුරා වරද පිළිගෙන එම නඩුව අවසන් කර තිබෙන බව සඳහන් කළේය.
රිය අනතුරින් යතුරු පැදිය පැදවූ සන්දීප් සම්පත් දැඩි ලෙස රෝගාතුරවූ අතර, මේ පිළිබඳව නැවත පරීක්ෂණයක් කර තම පුත්‍රයාට සාධාරණය ඉටුකරන ලෙස සන්දීප්ගේ දෙමාපියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉල්ලා තිබුණි.
කියවන්න:








