වසන්ත කරන්නාගොඩ සහ රොෂාන් ගුණතිලක ගේ උසස්වීම් ගැන සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන භාගයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙහෙයවූ ප්‍රධානීන් දෙදෙනාට ගෞරවාන්විත ඉහළම නිලයන් සඳහා උසස්වීම් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ.
විශ්‍රාමික ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ විශ්‍රාමික නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එසේ උසස්වීම් ලැබූ නිලධාරීන් දෙදෙනාය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහළම උසස්වීම වන මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් යන තනතුරට රොෂාන් ගුණතිලකට උසස් වීමක් ලබාදී තිබෙන අතර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නාවික හමුදාවේ ඉහළම ධුරය වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ධුරයට උසස් කරනු ලැබ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔවුන් මෙම තනතුරුවලට උසස්වීම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයන් දෙදෙනාය.
ජනාධිපතිවරයා මෙම ගෞරව තනතුරු ඔවුන්ට ලබා දී තිබුණේ අඟහරුවාදා (අගෝස්තු 06) නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකිනි.

"ත්‍රස්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් තුරන් කිරීම සඳහා විදහා පෑ, නිර්භීත භාවය, ජාතියට පුදකළ ප්‍රශංසනීය සේවය හා සිදුකළ අද්විතීය මෙහෙවර ඇගයීම සඳහා" මෙම ගෞරවනීය නිලයන් ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නමින් නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් වී තිබේ.
ජනාධිපතිවරයා හදිසියේ මෙම හිටපු නිලධාරීන්ට මෙවැනි උසස්වීමක් ලබාදීම ගැන සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළවී තිබේ. කල්ගත වී හෝ මෙම නිලධාරීන් කළ සේවය ඇගයීම ගැන ඇතැමුන් ජනාධිපතිවරයාට ස්තුතිය පළකරද්දී තවත් සමහරුන් මෙය හඳුන්වාදී තිබුණේ මැතිවරණ සමයක දේශපාලන වාසි සඳහා සිදුකළ කටයුත්තක් හැටියටය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
කෙසේ නමුත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට උසස්වීමක් ලබාදීම දැඩි ලෙස විවේචනය වී තිබුණේ ඔහු මේවන විට 2008 සහ 2009 අවධියේ තරුණයන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගිය බව පවසන සිද්ධියට සම්බන්ධව චෝදනා ලබා සිටීම හේතුවෙනි.
අවස්ථා කිහිපයකදී මෙම සිදුවීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නාවික හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කරන ලද අතර, පසුව ඔහු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබාගැනීමට කටයුතු කළේය. ඒ ව්‍යාජ තොරතුරු මත තමන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බවට පෙත්සමක් ඉදිරිපත් කරමිනි.
2008 අගෝස්තු 08 වෙනිදා සිට සැප්තැම්බර් මස 17 වෙනිදා අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටී.

අදාළ නඩුව බදාදා (අගෝස්තු 07) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ අධිකරණයට කරුණු දැක්වූ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදිනී අචලා සෙනෙවිරත්න ජනාධිපතිවරයාගේ ක්‍රියාව දැඩි විවේචනයට ලක් කළාය.
"රටක මිලිටරියකට සම්බන්ධ පිරිස් නීති විරෝධීව අහිංසක මිනිස්සු කප්පම් වලට උත්සන් ගිහින් අතුරුදන් කරලා ඒකට වගකිවයුත්තන් විදියට අධිකරණය නම්කරපු සැකකරුවන්ට ඒ ක්‍ෂේත්‍රයන්ගේම ෆීල්ඩ් අදිමිරාල්ල විදියට උසස් විම් දෙන ලෝකේ එකම රට මේ රට ... හරිම සතුටක් දැනෙන්නෙ මේ දෙමාපියන්ට ඔහුන්ට ඉදිරියෙ ලැබෙන යුක්තිය සාධාරණය ගැන හිතද්දි," යනුවෙන් ඇය සඳහන් කළාය.
ඇම්නස්ටි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා නියෝජිත ත්‍යාගි රුවන්පතිරණ ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ හා සමාන අදහසක් පළ කර තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ට්විටර් සටහනක් තබමින් පවසා තිබුණේ, "මෙයයි මෛත්‍රීපාල සිරිසේනගේ යහපාලනය. පැහැරගැනීමේ සැකකරුවන් උසස්වීම් ලබනවා, මිනීමරුවන් නිදහස් වෙනවා" යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015දී බලයට පත්වූ විගස යුද සමයේ හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා එවකට ඔහු දැරූ ජෙනරාල් තනතුරේ සිට ෆීල්ඩ් මාෂල් තනතුර දක්වා උසස් කළේය. එය ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස්ම ධුරය වේ.
කියවන්න:








