බ්‍රිතාන්‍යයේ "දීප්තිමත් ම දරුවා" ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරියගෙන් ලංකාවේ දරුවන්ට උපදෙසක්

ඡායාරූප මූලාශ්‍රය, Neelanga Uggalle
බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය.
චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන "Child Genius" වැඩසටහනේදී එසේ සම්මාන ලැබූ ඇය නිශී උග්ගල්ලය.
තමන් සමග තරග කළ බ්‍රිතාන්‍යයේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් දරුවන් පිරිසක් පහසුවෙන් ම පරදවා ඉහළ ජයග්‍රහණයක් ලැබීමට ඇය සමත් වූවාය.
"මගේ අම්මල, තාත්තලා වගේ ම මගේ සේර ම යාලුවන්ටත් හරි ම ආඩම්බරයි," නිශී උග්ගල්ල බීබීසී සිංහල සේවය සමග සංවාදය ආරම්භ කළේ එලෙසිනි.
ඒ වන විටත් ඇය බීබීසී නාලිකා ඇතුළු බ්‍රිතාන්‍ය මාධ්‍ය ගණනාවකට සාකච්ඡා ලබා දී වෙහෙසට පත්ව සිටියාය. ඇය කෙතරම් ජනප්‍රිය වී ද යත්, මාධ්‍ය සමග අදහස් හුවමාරු කර ගැනීම සඳහා ම රැකියාවෙන් නිවාඩු ලබා ගැනීමට ද පියාට සිදු වී තිබිණ.
තවත් කියවන්න:
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post, 1
එදින පාසල අවසානයේ තවත් මාධ්‍ය කිහිපයකට සාකච්ඡා ලබා දීමෙන් අනතුරුව, ඇය අප සමග කෙටි සාකච්ඡාවකට එක් වූයේ සවස් යාමයේය.
කෙතරම් වෙහෙසට පත්ව සිටියත් ඇයගේ ස්වරයේ වෙහෙසට පත් ස්වභාවයක් නොවීය.
මුලින් ම ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් පළ කළ අවස්ථාවේ මොහොතකට එයට මැදිහත් වූ ඇගේ පියා, නීලංග, "එයාට සිංහලත් පුළුවන්," යනුවෙන් කියා සිටියේය.
බ්‍රිතාන්‍යයේ උපත ලබා හැදී වැඩුණු නිශී, ඉන් අනතුරුව අප සමග අදහස් පළ කළේ සිංහල භාෂාවෙනි.
ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා වෙසෙන සහෝදර දරු දැරියන්ට දිය හැකි උපදෙස කුමක් ද යන්න "බ්‍රිතාන්‍යයේ දක්ෂතම දරුවා" වෙත බීබීසී සිංහල සේවය මතු කළ ප්‍රශ්නයකි.

ඡායාරූප මූලාශ්‍රය, Neelanga Uggalle
"දැනුම වැඩි කරන්න හොඳ ම විදිය පොත් කියවන එක. ඉන්ටර්නෙට් තියනව නම් ඒකෙන් ඔයාලගේ දැනුම ගොඩක් වැඩි කරන්න පුළුවන්," ඇය උපදෙස් දුන්නාය.
"ඔයාල ආස විෂයයක් තෝරගෙන ඒක ගැන මහන්සි වෙලා වැඩ කරන්න. ඉස්කෝලෙන් උගන්වන දේවලට අමතරව වැඩිපුර දේවල් හොයාගෙන ඉගෙන ගන්න. වැඩිහිටියන් කියන කල් ඉන්නේ නැතිව තමන්ගේ වුවමනාවෙන් වැඩ කරන්න. එතකොට ඉගෙන ගන්න දේවල් ආසාවෙන් කරන්න පුළුවන්. ඔයාල හැමෝට ම Good Luck!."
සිංහලෙන් අදහස් පළකිරීමට පමණක් නොව ලිවීමට සහ කියවීමට ද ඇයට හැකිය.
ශ්‍රී ලංකාවේ උපත ලබා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ නීලංග උග්ගල්ල සහ ශිරෝමි ජයසිංහ ඇයගේ දෙමාපියන්ය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post, 2
නිශීගේ ළමා විය ගැන බීබීසීය සමග අදහස් දක්වමින් මව ශිරෝමි ජයසිංහ කියා සිටියේ, සිය දියණියගේ දක්ෂතා මුලින් ම තමන්ට පවා වැටහුණේ අන් දරුවන්ට වඩා සිය දියණියගේ වෙනසක් දුටු බව ළදරු පාසලේ ගුරුවරියන් තමන්ට පැවසූ අවස්ථාවේ බවය.
"දුව වෙනුවෙන් එයාලට අලුත් ක්‍රියාකාරකම් පටන් ගන්න සිද්ධ වුණා," මව අතීතය මෙනෙහි කළාය.
දියණියගේ ළමා කාලය ගැන අප සමග වැඩිදුරටත් විස්තර කළ පියා, "ඒ කියන්නේ අනිත් ළමයි සෙල්ලම් බඩුවක් එක්ක සෙල්ලම් කරද්දී නිශීට ඕන වුණේ ප්‍රහේලිකා හදන්න වගේ දේවල්. පස්සේ ළදරු පාසලට ගිහිල්ල දවස් දෙක තුනකින් ම එයාලට සිද්ධ වුණා නිශීට ගැළපෙන අලුත් ගුරුවරියක් ගෙන්න ගන්න."
ඉන් අනතුරුව පාසලේදීත් නිශී කෙතරම් ඉක්මනින් ඉහළ පන්තිවලට මාරු කරනු ලැබුවේ ද යත්, පාසලේ සිව් වන වසරේ උගත යුතු වයසේදී ඇය අධ්‍යාපනය හැදෑරුවේ හය වන වසරේය.
"ඩබල් නෙමේ එතකොට ට්‍රිපල් ප්‍රමෝෂන් වගේ. අපි කළේ නිශීට කරන්න ඕන දේට උපකාර කරන එක."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1

ඡායාරූප මූලාශ්‍රය, Neelanga Uggalle
දැරියන් ගණිතය සහ භෞතික විද්‍යාව වැනි විෂයයන් ඉගෙන ගැනීමට එතරම් දක්ෂ නොවන බවට පවතින සම්මතය තමන් මේ තරගයට එක්වීමට එක් ප්‍රධාන හේතුවක් යයි සම්මානය දිනා ගත් අවස්ථාවේ ඇය කළ සඳහන ද බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවල ප්‍රබල අවධානයට ලක්ව තිබිණ.
ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ නිශී උග්ගල්ල බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ, පිරිමි දරුවන් හා සමානව දැරියන්ට ද ඒ සියල්ල කළ හැකි බව අවධාරණය කිරීමට තමන්ට අවශ්‍ය වූ බවය.
සිය දරුවන් වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් බවට පත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ දෙමාපියන් දරුවන් ප්‍රබල පීඩනයකට ලක් කරන ආකාරයට නිශීට ද පීඩනයක් එල්ල වූයේ දැයි විමසූ අවස්ථාවේ නීලංග කියා සිටියේ තමන් ඇයට එවැනි කිසිදු පීඩනයක් එල්ල නොකළ බවය.
"ඇත්තට ම අපි ලංකාවේ ඉන්නේ නැති එක ගැන මට තියන එක සතුටක් තමයි අපි ටියුෂන් ක්‍රමයට නැති එක. ළමයින්ට ළමා කාලය තියෙන්න ඕන කියල අපි ගොඩක් විශ්වාස කරනවා. ඒ නිසා අපි කවදාවත් නිශී ටියුෂන් යැවුවේ නෑ."
කිසියම් ලෙසකින් තමන් දෙදෙනා ඇය එක් විෂයයකට පමණක් යොමු කොට ඇය පීඩනයට පත් කළේ නම් සිය දියණිය දැනටත් වඩා ඉතා ඉදිරියෙන් සිටිය හැකිව තිබුණ බව ද නීලංග උග්ගල්ල පැවසීය.
එබැවින් නිශී පොත පතට පමණක් ඇබ්බැහි වීම වැළැක්වීම පිණිස ක්‍රීඩා කිරීම, මිතුරන් හමුවීම හෝ බයිසිකල් පැදීම වැනි දේ සඳහා අනිවාර්යයෙන් ම නිවසින් බැහැරට යාම ඔවුන් දෙදෙනා පුරුද්දක් බවට පත් කරගෙන තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
බ්‍රිතාන්‍යයේ "දීප්තිමත් ම දරුවා" සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව ඇයට ලොව පුරා විවිධ රටවලින් සුබ පැතුම් පළවෙමින් තිබේ.
දස හැවිරිදි වියේදී ඇය තවත් ප්‍රබල ජයග්‍රහණයක් ලබා ගත් අන්දම ද ඇතැමුන් සිහිපත් කර තිබිණ.
ගණිතය සහ භෞතික විද්‍යාව ඇතුළු විෂයයන් කෙරෙහි උනන්දුවක් දැක්වීම මෙන් ම "Child Genius" වැඩසටහනට ඉදිරිපත් වීම ද තමන්ගේ ම ස්වාධීන තීරණයක් විනා දෙමාපිය බල කිරීම මත ගනු ලැබූ තීරණ නොවන බව නිශී බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.
"මට ඕන දේ කරන්න අම්මල, තාත්තල උදව් කළා."
බ්‍රිතාන්‍යයේ උපත ලැබුව ද ඇයට බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිය.
"එයාට අවුරුදු 18 වුණා ම ඒක දිගට ම තියාගන්නව ද, නැද්ද කියල නිශී තීරණය කරාවි," නීලංග උග්ගල්ල බීබීසී සිංහල සේවය සමග පැවසීය.
"හැබැයි එයා ලංකාවට ගොඩක් ආදරෙයි. අපි අවුරුද්දකට විතර සැරයක් ලංකාවට යනව. ඒ ගියා ම නිශීගේ බල කිරීම නිසා අපි උඩවලවේ යන්න ම ඕන," පියා විස්තර කළේ සිනහසෙමිනි.
සිය ප්‍රියතම විද්‍යාඥයා වන අභාවප්‍රාප්ත මහාචාර්ය ස්ටීවන් හෝකින් ගත් මග යමින් අනාගතයේ දිනෙක භෞතික විද්‍යාඥවරියක වීම නිශීගේ අපේක්ෂාවය.
කියවන්න:








