නිල් තල්මසුන් වෙනුවෙන් කැපවුන ලාංකික විද්‍යාඥවරිය

නිල් තල්මසා සාගර පැළෑටිවලට පොහොර සපයන සහ සමුද්‍ර ජීවීන්ට ආහාර ලබාදෙන ආහාර චක්‍රයේ අත්‍යවශ්‍ය පුරුකක් බව ආශා පෙන්වා දෙයි (Photo Credit: MCAF NEAq)

ඡායාරූප මූලාශ්‍රය, Asha de Vos

ඡායාරූප ශීර්ෂ වැකිය, නිල් තල්මසා සාගර පැළෑටිවලට පොහොර සපයන සහ සමුද්‍ර ජීවීන්ට ආහාර ලබාදෙන ආහාර චක්‍රයේ අත්‍යවශ්‍ය පුරුකක් බව ආශා පෙන්වා දෙයි (Photo Credit: MCAF NEAq)
    • Author, සරෝජ් පතිරණ
    • Role, බීබීසී සංදේශය, ලන්ඩන්

ආචාර්ය ආශා ද වොස්, ශ්‍රී ලංකාවේ ඇතුළු ලොව පුරා වෙසෙන නිල් තල්මසුන් ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක නිරතව සිටින ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරියක්.

ලොව දැවැන්තම සත්වයා වඳ වී යාමෙන් ආරක්ෂා කරගන්නේ කෙලෙසද යන්න පිළිබඳව ඇය මේ දිනවල ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක නිරතව සිටින්නීය.

"ඇත්තටම එච්චර ලොකු සතෙක් අපේ මුහුදේ ඉඳලත් අපි ඒගොල්ල ගැන මුකුත් නොදන්න එක මට ප්‍රශ්නයක් වුනා," <link type="page"><caption> ආශා මා සමඟ පිළිසඳර</caption><url href="https://audioboom.com/boos/3915067-" platform="highweb"/></link> ආරම්භ කළේ එලෙසින්.

ආහාර ලබාගැනීම පිණිස ඇන්ටාක්ටිකාව වැනි සීතල වතුර තිබෙන ප්‍රදේශවලට පීනා යන නිල් තල්මසුන්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය ප්‍රදේශවලට පැමිණ සිය අනාගත වර්ගයා බෝකරන බව ඇය පෙන්වා දෙන්නීය.

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ සිංගප්පූරුව හරහා දිවෙන නාවික මාර්ගය, ලොවට මෙතරම් වැදගත් සේවයක් සපයන නිල් තල්මසුන් වඳ වී යාමේ තර්ජනයට තුඩු දෙන්නක්

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ සිංගප්පූරුව හරහා දිවෙන නාවික මාර්ගය, ලොවට මෙතරම් වැදගත් සේවයක් සපයන නිල් තල්මසුන් වඳ වී යාමේ තර්ජනයට තුඩු දෙන්නක්

"හැබැයි ලංකාව වටේ ඉන්න නිල් තල්මහ ලංකාව වටේ අවුරුද්ද පුරාම ඉන්නවා. ඉතින් මම බැලුව ඇයි මෙහෙම වෙන්නේ කියල. එහෙම තත්වයක් වෙන කොහේවත් නෑ."

ලොව විශාලතම සත්වයා වන නිල් තල්මසා, සාගර පැළෑටිවලට පොහොර සපයන සහ සමුද්‍ර ජීවීන්ට ආහාර ලබාදෙන ආහාර චක්‍රයේ අත්‍යවශ්‍ය පුරුකක් බව ආශා ද වොස් සවිස්තරව පෙන්වා දෙන්නීය.

"<link type="page"><caption> තල්මසුන්ගේ අසූචි කියන්නේ</caption><url href="https://www.ted.com/talks/asha_de_vos_why_you_should_care_about_whale_poo?language=en#t-6384" platform="highweb"/></link> අපේ සාගරයේ තියන වැදගත් පොහොරක්. තල්මසුන් මුහුදේ උඩට ඇවිල්ල කක්ක කරනකොට ගැඹුරු වතුරේ තියන පෝෂ්‍ය පදාර්ථ මුහුදේ උඩට ගේනවා."

යකඩ වැනි එම පෝෂ්‍ය පදාර්ථ සාගරයේ තිබෙන ඇසට නොපෙනෙන මට්ටමේ පවා කුඩා පැළෑටිවලට අත්‍යවශ්‍ය පොහොරක් බවයි, <link type="page"><caption> ආශා ද වොස්</caption><url href="https://audioboom.com/boos/3915067-" platform="highweb"/></link> පවසන්නේ.

ආහාර ලබාගැනීම පිණිස ඇන්ටාක්ටිකාව වැනි සීතල වතුර තිබෙන ප්‍රදේශවලට පීනා යන නිල් තල්මසුන්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය ප්‍රදේශවලට පැමිණෙන්නේ සිය අනාගත වර්ගයා බෝ කිරීම පිණිසයි

ඡායාරූප මූලාශ්‍රය, Thinsktock

ඡායාරූප ශීර්ෂ වැකිය, ආහාර ලබාගැනීම පිණිස ඇන්ටාක්ටිකාව වැනි සීතල වතුර තිබෙන ප්‍රදේශවලට පීනා යන නිල් තල්මසුන්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය ප්‍රදේශවලට පැමිණෙන්නේ සිය අනාගත වර්ගයා බෝ කිරීම පිණිසයි

"අපේ ලෝකේ සියයට පණහක් ඔක්සිජන් සපයන්නේ මේ පැළෑටිවලින්.

ඒ තල්මසුන්ගේ අසූචි ගැන. ආශා පෙන්වාදෙන පරිදි තල්මසුන් මියගිය පසු ඒ මළකුණත් සාගර ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක්. <italic>(<link type="page"><caption> ආචාර්ය ආශා ද වොස් සමඟ සාකච්ඡාවට සවන්දෙන්න</caption><url href="https://audioboom.com/boos/3915067" platform="highweb"/></link>) </italic>

"ඒ විතරක් නෙවෙයි, කාලෙකට පස්සේ <link type="page"><caption> මේ මළකුණ</caption><url href="https://www.ted.com/talks/asha_de_vos_why_you_should_care_about_whale_poo?language=en#t-6384" platform="highweb"/></link> මුහුදේ පතුලටම යනවා. මීටර 4000ක් විතර ගැඹුරුම ජලයට බහින්න අවුරුදු ගාණක් ගතවෙන්න පුළුවන්. එහෙම බැස්සම ඒ තැන්වල ඉන්න විශේෂ සත්තු වර්ග මේ මළකුණ කනවා. ඉතින් මේ තැන්වල ඉන්න සත්තුන්ට මේ මළකුණ නැත්නම් කෑම නැති තරම්."

'ඇත්තටම එච්චර ලොකු සතෙක් අපේ මුහුදේ ඉඳලත් අපි ඒගොල්ල ගැන මුකුත් නොදන්න එක මට ප්‍රශ්නයක් වුනා' (Photo credit: Steve de Neef)

ඡායාරූප මූලාශ්‍රය, Asha De Vos

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඇත්තටම එච්චර ලොකු සතෙක් අපේ මුහුදේ ඉඳලත් අපි ඒගොල්ල ගැන මුකුත් නොදන්න එක මට ප්‍රශ්නයක් වුනා' (Photo credit: Steve de Neef)

ළමා වියේ පටන් - වයස අවුරුදු හයේ සිට - සාගර ජීව විද්‍යාව පිළිබඳව තමන්ට උනන්දුවක් තිබූ බව පවසන ආශා, සිය දෙමාපියන් එයට මුලසිටම අනුබල් දුන් බවත්, විද්‍යා ලේඛක ආතර් සී ක්ලාක් පවා තමන් දිරිමත් කළ බවත් කෘතවේදීව සිහිපත් කරන්නීය.

ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරිය පවසන පරිදි ලොව ඉතාම කාර්යබහුල නාවික මාර්ගයක් වන ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ සිංගප්පූරුව හරහා දිවෙන නාවික මාර්ගය, ලොවට මෙතරම් වැදගත් සේවයක් සපයන නිල් තල්මසුන් වඳවී යාමේ තර්ජනයට තුඩු දෙන්නක්.

ඔවුන් එම නෞකාවලට යට වී මියයාම ඒ බරපතල තර්ජනයයි.

"මම දැනගත්ත ෂුවර් එකටම මේ දෙක එකම තැනක තිබුනොත් ඩිසාස්ටර් එකක් වෙනවා කියල."

සමුද්‍ර ආහාර චක්‍රයේ ප්‍රබල කාර්යභාරයක් ඉටුකරන ලොව දැවැන්තම සත්වයා වඳ වී යාමෙන් ආරක්ෂා කරගැනීම ආශාගේ අපේක්ෂාවයි

ඡායාරූප මූලාශ්‍රය,

ඡායාරූප ශීර්ෂ වැකිය, සමුද්‍ර ආහාර චක්‍රයේ ප්‍රබල කාර්යභාරයක් ඉටුකරන ලොව දැවැන්තම සත්වයා වඳ වී යාමෙන් ආරක්ෂා කරගැනීම ආශාගේ අපේක්ෂාවයි

මේ තත්වය වැළැක්වීම පිණිස එම නාවික මාර්ගය සැතපුම් 15 කින් පමණ තවත් දකුණට රැගෙන යා යුතු බව ඇයගේ යෝජනාවයි.

ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මේ වනවිට පර්යේෂණයක නිරතව සිටින්නේත් එම ගැටලුවට විසඳුම් ලබාදෙන්නේ කෙලෙසද යන්න පිළිබඳව.

"මම මෙතනට ආවෙත් දකුණු කැලිෆෝනියාවෙත් මේ වගේම ප්‍රශ්නයක් තිබුණ නිසා. ඒගොල්ල විද්‍යාත්මකව ඒ ප්‍රශ්නේ විසඳුවා."

කැලිෆෝනියාවේ විද්‍යාඥයන්ගේ අත්දැකීම් අනුසාරයෙන් සිය මවුබිමේ වෙසෙන ලොව දැවැන්තම සත්වයා ආරක්ෂා කරගැනීම ඇගේ අධිෂ්ඨානයයි.

"ලංකාවේ කෙනෙක් වීම ගැන මම ගොඩක් ආඩම්බර නිසා මම හැමතිස්සෙම බලන්නේ ලංකාවට කොහොමද මගේ සේවය ලබාදෙන්නේ කියල."

'තල්මසුන්ගේ අසූචි කියන්නේ අපේ සාගරයේ තියන වැදගත් පොහොරක්. තල්මසුන් මුහුදේ උඩට ඇවිල්ල කක්ක කරනකොට ගැඹුරු වතුරේ තියන පෝෂ්‍ය පදාර්ථ මුහුදේ උඩට ගේනවා' (Photo Credit: Bret Hartman)

ඡායාරූප මූලාශ්‍රය, Asha de Vos

ඡායාරූප ශීර්ෂ වැකිය, 'තල්මසුන්ගේ අසූචි කියන්නේ අපේ සාගරයේ තියන වැදගත් පොහොරක්. තල්මසුන් මුහුදේ උඩට ඇවිල්ල කක්ක කරනකොට ගැඹුරු වතුරේ තියන පෝෂ්‍ය පදාර්ථ මුහුදේ උඩට ගේනවා' (Photo Credit: Bret Hartman)

(බීබීසී ලෝක සේවයේ 'සියයක් කාන්තාවෝ: ලොවින් අඩක් ඔබ අමතයි' විශේෂ වාර්ෂික වැඩසටහන වෙනුවෙන් බීබීසී සංදේශය ඉදිරිපත් කරන අවසාන අංකයයි, මේ)