චීන - ශ්‍රී ලංකා පුරාවිද්‍යා ගවේෂණයක්: මාතොට පැරණි වරාය ඔස්සේ වෙළෙඳ ගනුදෙනු

Archaeological site in Sri Lanka

චීනයේ ෂිචුආන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා ගවේෂකයින් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මන්නාරම, මාතොට පැරණි වෙළෙඳ වරායේ ගවේෂණයක් ආරම්භ කොට ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල පවසයි.

මහාචාර්යවරයා කියා සිටියේ, මෙම විශ්වවිද්‍යාල දෙක සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතර ඇති වූ ගිවිසුමකට අනුව මෙම ගවේෂණ කටයුතු ආරම්භ වූ බවය.

පැරණි මාතොට වරාය හරහා ශ්‍රී ලංකාව විදේශීය රාජ්‍යයන් සමඟ සිදුකළ වෙළෙඳ ගනුදෙනු සහ අනෙකුත් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු කරුණු සම්බන්ධයෙන් මෙහිදී අධ්‍යයනය කිරීමට නියමිතය.

Archaeological site in Sri Lanka

ගවේෂණයට සම්බන්ධ සියලු නියෝජිතයින් 27 වන දා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේදී තමන් හමු වී ඉදිරි පරීක්ෂණ කටයුතු පිළිබඳ සාකච්ජාවක් පැවැත්වීමට නියමිත බව ද ඔහු පැවසීය.

මින් පෙර මාතොට වරාය ගැන පරීක්ෂණයක් පවත්වා තිබූ පුරාවිද්‍යා නිලධාරී කාර්ස්වෙල්, එහිදි චීන මැටි බඳුන් කිහිපයක් හමුවුවත් මාතොට වරාය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ දක්වා සිදු වී නොමැති බව කැළණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය මංගල කටුගම්පළ පැවසීය.

මේ තොරතුරුද කියවන්න:

Archaeological site in Sri Lanka

චීනයේ ෂිචුආන් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය හුවෝවෙයි සහ මහාචාර්ය හොන් ලියැන් යු ඇතුළු කණ්ඩායමක් ද මේ ගවේෂණය සඳහා එක් වීමට නියමිතය.

චීන විශ්ව විද්‍යාල නියෝජිතයෝ මීට පෙර ද ශ්‍රී ලංකාවේ මධ්‍යම සංස්කෘතික අරමුදල සමඟ එක්ව යාපනය දඹකොළ පටුන වරාය ආශ්‍රිතව ගවේෂණයක් සිදු කළහ.

ඉපැරණි චීන පිඟන් භාණ්ඩ කොටස් රැසක් සහ චීන ලංකා වෙළෙඳ සම්බන්ධතා ගැන සාක්ෂි රැසක් සොයාගැනීමට ඒ අවස්ථාවේ ඔවුහු සමත්වූහ.

ඉපැරණි මාතොට වරාය අනුරාධපුර රාජධානි සමයේ දිවයිනේ ප්‍රධානම වරාය ලෙස පැවති අතර, කෝට්ටේ රාජධානි සමය දක්වා ක්‍රියාත්මක වී ඇති බව මන්නාරම මාතොට රජමහා විහාරාධිපති පූජ්‍ය අඹගහවැව සංඝරක්ඛිත හිමියන් සඳහන් කළහ.

Archaeological site in Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, තිරුකේදීශ්වරන් කෝවිල

අනුරාධපුරය සහ පොළොන්නරුව රාජධානි සමයේ සියලු ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු සිදු වී ඇත්තේ මාතොට වරාය හරහා වන අතර, මල්වතුඔය ඔස්සේ අනුරාධපුර රාජධානිය වෙත භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීමට ද මෙය භාවිත කර ඇති බව සංඝරක්ඛිත හිමියෝ පැවසූහ.

එහිමියන් වැඩිදුරටත් කියා සිටියේ, රාජසිංහ රජ සමයේ පෘතුගීසීන් ඉන්දියාවට රැගෙනයාම වෙනුවෙන් මාතොට වරාය යොදාගෙන ඇති බවය.

පැරණි මාතොට වරාය පැවති ස්ථානයේ වර්තමානයේ තිරුකේදීශ්වරන් කෝවිල පිහිටා ඇති අතර, එය මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් තිබේ.

තවත් තොරතුරු: