ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබඳව ලෝකය පළ කළ අදහස්

UN/Rick Bajornas

ඡායාරූප මූලාශ්‍රය, UN/Rick Bajornas

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව ලෝකයේ ප්‍රබල රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ නිකුත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනවාරි 5 වන දා මහ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන ඇති තීරණය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැඩි අවධානය යොමු කර ඇති බවය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අවධාරණය කර ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ක්‍රියාත්මක ආයතනවලට ගරු කිරීම අතිශය වැදගත් බවය. නීතියේ ආධිපත්‍යය සහ පවත්නා ක්‍රියාවලිය අතර පවතින වෙනස නිරාකරණය කිරීම ද අතිශය වැදගත් බව එහි සඳහන් වේ.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

කියවන්න:

ඇමෙරිකාව

මේ අතර, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, දේශපාලනික අර්බුදය තවදුරටත් තීව්‍ර කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවය.

රටේ ස්ථාවරත්වය සහ සෞභාග්‍යය තහවුරු කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් අවශ්‍ය බවට ඇමෙරිකාව විශ්වාස කරන බව එහි වැඩිදුරටත් සඳහන්ය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

එක්සත් රාජධානිය

එක්සත් රාජධානිය ද මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය දක්වා නිවේදනයක් නිකුත් කර තිබේ.

ආසියානු කලාපය භාර රාජ්‍ය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් ට්විටර් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කරන ලෙස සහ ප්‍රජාතන්ත්‍රීය ආයතන සහ ක්‍රමවේදයන්ට ගරු කරන ලෙස ශ්‍රී ලංකාවේ මිතුරෙක් ලෙස සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බවය.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

නෝර්වේ

නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පාර්ලිමේන්තුව නැවත කැඳවීමට දින කීපයක් තිබියදී ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන් නෝර්වේ විශේෂ අවධානයක් යොමුකර ඇති බවය.

ප්‍රජාතන්ත්‍රීය ආයතනවලට ගරු කරන ලෙස ද සංයමයෙන් කටයුතු කරන ලෙස ද සියලුම පාර්ශ්වයන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද එම ට්විටර් පණිවුඩයේ සඳහන්වේ.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

කැනඩාව

මේ අතර, කැනඩාව ට්විටර් හරහා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ තමන්ගේ "දැඩි සැළකිල්ල" යොමුව ඇති බවත් එමගින්, තවදුරටත් දේශපාලන අවිනිශ්චිත බවක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාත්නත්‍රවාදී අනාගතයට බලපෑමක් එල්ල වන බවය.

Skip X post, 5
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 5