ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: පාර්ලිමේන්තුවේ මතය විමසීම කෙරෙහි යුරෝපා සංගමය අවධානයෙන්

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් දිනට පාර්ලිමේන්තුව කැඳවන්නේ දැයි යන්න පිළිබඳ තමන් සැලකිල්ලෙන් පසුවන බව යුරෝපා සංගමය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ සහ ස්විට්සර්ලන්ත තානාපතිවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ජනපතිවරයාගේ නියෝගය පරිදි නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

"රට වර්තමානයේ මුහුණ දී තිබෙන බරපතල අවිනිශ්චිතතාව විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස් වූ වහාම එහි විශ්වාසය පෙන්නුම් කිරීම සඳහා ඡන්දයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව අපගේ සැලකිල්ලට ලක්ව තිබේ," යනුවෙන් කොළඹ යුරෝපා සංගම් තානාපති කාර්යාලය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වේ.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමින් යුරෝපා සංගමය මීට පෙර දෙවතාවකදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදන නිකුත් කර තිබිණි.

තවදුරටත් කියවන්න:

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ සිටින ඔස්ට්‍රේලියානු තානාපති බ්‍රයිස් හචිසන් කියා සිටියේ, "පාර්ලිමේන්තුව යළි කැඳවූ පසු විශ්වසනීයත්වය තහවුරු කර ගැනීම සඳහා ඡන්දයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳ ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය යොමුව ඇති," බවය.

Twitter

ඡායාරූප මූලාශ්‍රය, Twitter

මිට පෙර, ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවීමේ වැදගත්කම සාකච්ඡා කරනු වස් කතානායක කරු ජයසූරිය හමු වූ බව ශ්‍රී ලංකාවට පත්වූ නව ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් පැවසුවාය.

"මේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයන්ට ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න," යනුවෙන් ඊට අදාලව ඇය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

විමල් වීරවංශ

ඡායාරූප මූලාශ්‍රය, PMD

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් මන්ත්‍රීවරු පිරිසක් කැබිනට් අමාත්‍යවරු ලෙසින් ජනාධිපතිවරයා ඉදිරියේ සිකුරාදා (නොවැ 09) දිවුරුම් දුන්හ.

ඒ අනුව විමල් වීරවංශ නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙසත්, උදය ගම්මන්පිල බුද්ධ ශාසන සහ ආගමික කටයුතු ඇමතිවරයා ලෙසත් සී බී රත්නායක තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා විසින් මේ වන විට පත්කරනු ලැබ තිබේ.