ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: "පාර්ලිමේන්තු නියෝජිතයන්ට ඔවුන්ගේ මතය කීමට ඉඩ දෙන්න" - ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනි

ඡායාරූප මූලාශ්‍රය, USAmbSLM/Twitter
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවීමේ වැදගත්කම සාකච්ඡා කරනු වස් කතානායක කරු ජයසුරිය හමු වූ බව ශ්‍රී ලංකාවට පත්වූ නව ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් පවසයි.
"මේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයන්ට ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න," යනුවෙන් ඇය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.
මේ අතර ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඇමරිකානු තානාපතිවරිය හමු වූ බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
මේ අතර ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ මතුව ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් වනු ඇතැයි බලාපොරොත්තු වන බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරිය පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් පවසයි.
නොවැම්බර් 14 වෙනි දිනට පාර්ලිමේන්තුව යළි කැඳවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගෙන ඇති තීන්දුව පිළිබඳ මහලේකම්වරියගේ අවධානය යොමුව ඇති බව පොදු රාජ්‍ය මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ඇති කාර්යභාරයේ වැදගත්කම පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරිය අවධාරණය කරයි.
ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය සහ භාවිතයන් පවත්වා ගැනීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ආණ්ඩු, දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය කෙරෙහි ඇති වගකීම ගැන විශේෂයෙන් සඳහන් කර ඇති, 2012 වසරේදී සියලුම සාමාජික රටවල් විසින් පිළිගන්නා ලද පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තිය පිළිබඳව ඇය අවධානය යොමු කරන්නීය.
සාධනීය සංවාදයකට එක්වන ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන් මෙන්ම ජනතාවගෙන් ද ඉල්ලීමක් කරන පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍ය එලෙසම පවත්වා ගැනීම තහවුරු කරන ලෙස ද ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සහ ජනතාවට අවශ්‍ය නම් සහයෝගය සලසනු පිණිස අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් සම්බන්ධීකරණය කිරීමට හා සහය වීමට පොදු රාජ්‍ය මණ්ඩලය සූදානම් යැයි ද ඇය පෙන්වා දෙන්නීය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා සිය උපරිම සහාය දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා තමන් වෙත පැවසු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳුදා පැවසීය.
ජනාධිපති නියෝගයට අනුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් පරිදි පාර්ලිමේන්තුව යළි කැඳවීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 14 වෙනිදාය.
මෛත්‍රී - මහින්ද පාර්ශ්වය පවසන්නේ පාර්ලිමේන්තුවේ 113 ක් වන බහුතරය තමන් සතු බවය.
කෙසේ නමුත් නොවැම්බර් 07 වෙනිදා පාර්ලිමේන්තුව යළි කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වාචිකව පොරොන්දු වූ බව මීට ඉහතදී කතානායක කරු ජයසුරිය පවසා තිබිණි.
වෙනස්වීම්වලට පෙර පාර්ලිමේන්තුවේ පැවති තත්ත්වය පිළිගන්නා ලෙස බහුතරය ඉල්ලා ඇති බැවින් ඔවුනට මෙන්ම නව පාර්ශවයට ද හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවති තත්ත්වය පිළිගැනීමට තමන්ට සිදුවන බව ද කතානාකවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එම නිවේදනයෙහි දක්වා තිබුණේ, මෙම ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදු නොවිය යුතු "අප්‍රසන්න සංසිද්ධියක්" බවය.










