ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ලබා දුන් විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය (GSP) මේ වසරේ දෙසැම්බර් 31 වෙනි දින අවසාන වන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ.
ඇමෙරිකානු කොන්ග්‍රසය විසින් GSP වැඩසටහන ලබන වසර සඳහා බලාත්මක කොට නැතත් ගෝලීය වාණිජ ඇට්ලසයට (Global Trade Atlas) අනුව මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන වෙළෙඳපොළ ලෙසින් කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව එක්සත් ජනපදය ආඩම්බර වන බව ද කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මෙතෙක් ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනවලින් 27.5% ක්ම මිලදී ගනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදය බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් ද පෙන්වා දෙයි.
තානාපතිවරයා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක සඳහන් වන පරිදි ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනවලින් 60% කම ගැණුම්කරුවන් වන්නේ එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, ඉන්දියාව සහ ජපානයය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
"අපනයන මගින් රැකියා සුරක්ෂිත කෙරෙන අතර, විදේශ විනිමය ලබාදෙමින් රටක ආර්ථික කාර්යක්ෂමතාව සහ සෞභාග්‍යය ප්‍රවර්ධනය කරයි," යනුවෙන් ද ට්විටර් පණිවුඩයේ දැක්වේ.
ගෝලීය වෙළෙඳ ඇට්ලසයේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ අපනයන මිලදී ගන්නා රටවල් අතරින් රුසියාවට හිමි වී තිබෙන්නේ 13 වෙනි ස්ථානයය.
කෙසේ වුවත් රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැණුම්කරුවෙකි.
ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ කුඩු තොගයක තිබී කෘමියෙකු හමුවීමෙන් අනතුරුව රුසියාව ශ්‍රී ලංකා තේ අපනයනවලට පසුගියදා තාවකාලික තහනමක් පනවනු ලැබූ නමුත් පසුව එම තහනම ඉවත් කරගත්තේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රුසියාව එම තහනම ඉවත් කරනු ලැබුවේ කොන්දේසි කිහිපයකට යටත්ව බව වැවිලි කර්මාන්ත පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේය.
ශ්‍රී ලංකා රජය එම කොන්දේසිවලට එකඟත්වය පළ කර ඇති බැවින් අදාළ තහනම දෙසැම්බර් 30 වෙනිදායින් පසු ඉවත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව ඇස්බැස්ටෝස් තහනමක් පැනවීම තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා රුසියාව තාවකාලික තහනමක් පැනවීමට එක් හේතුවක් බවට වාර්තා පළ විය.
මේ අතර ඇස්බැස්ටෝස් නිෂ්පාදනය, භාවිතය සහ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට අදාළව 2018 වසරේ ජනවාරි 01 වෙනිදා සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට තිබූ සීමා ක්‍රියාවට නැංවීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කළේය.
සබැඳි යොමු:








