ගංවතුර සහ නායයාම්: මරණ 100 ඉක්මවයි

බුලත්සිංහල පිඹුර රෝහලෙන් භාරදුන් මෘතදේහ රැගෙන ගියේ සන්නාහ සන්නද්ධ රථ මගිනි
ඡායාරූප ශීර්ෂ වැකිය, බුලත්සිංහල පිඹුර රෝහලෙන් භාරදුන් මෘතදේහ රැගෙන ගියේ සන්නාහ සන්නද්ධ රථ මගිනි

රට පුරා බොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුරට සහ නායයාම්වලට හසුවීමෙන් සිය දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිල වශයෙන් නිවේදනය කරයි.

තවත් 113 දෙනෙකු පිළිබඳව ආගිය තොරතුරක් මෙතෙක් දැනගන්නට ලැබී නැති හෙයින් ඔවුන් අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

මෘත දේහයක්
වීඩියෝ ශීර්ෂ වැකිය, අගලවත්ත: මෘතදේහ භාරදීම සන්නාහ සන්නද්ධ රථ මගින්

රටේ බොහෝ ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දෙලක්‍ෂයකට අධික පිරිසක් අවතැන් වී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, කඩුවෙල සහ හංවැල්ල

දිස්ත්‍රික්ක දාහතරක් පුරා අවතැන්වී සිටින පවුල් සංඛ්‍යාව 52603 කි.

එමෙන්ම තවත් පවුල් තුන්දහසකට ආසන්න ප්‍රමාණයකට අයත් පුද්ගලයන් 12000කට අධික පිරිසක් තම නිවෙස් අතහැර ආරක්‍ෂිත ස්ථාන කරා ගොස් සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.