ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කීත් අදත් නැහැ-හමුදා නිලධාරීන්ට ඇප
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් (Keith Noyahr)පැහැර ගෙන යෑම සහ ඔහුට පහර දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හයදෙනා ඇප මත මුදා හරින මෙන් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග කළාය.
අදට (30) යොදා තිබුණ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් නොපැමිණි හෙයින් එය අවලංගු කිරීමට සිදුවිය.
'ද නේෂන්' පුවත්පතේ සංස්කාරවරයෙකු වශයෙන් කටයුතු කළ කීත් නොයාර් පැහැර ගැනීම සිදුවුණේ මෙයින් වසර නවයකට පෙරය.
ඔහු මේවන විට ඔස්ට්‍රේලියාවේ ජිවත් වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා සහභාගිවන ලෙස ජාත්‍යන්තර පොලිසිය මගින් කීත් නොයාර්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බව මින්පෙර නඩු වාරයේදී ප්‍රකාශයට පත්විය.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම ඇතුළු අපරාධ රැසක් සඳහා යොදාගත් බවට සැක කෙරෙන වෑන් රථයක්, පිළියන්දල ප්‍රදේශයේ නිවසක තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
කීත් නොයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරියෙකුගේ හිතවතකුගේ නිවසක තිබී මෙම වාහනය සොයාගත් බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ප්‍රකාශ කරයි.