ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කීත් නෝයර් ප්‍රහාරය : හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නෝයර් පැහැර ගෙන යෑම සහ පහර දීම සම්බන්ධයෙන් සැකපිට හමුදා නිලධාරියෙකු සහ සෙබළුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මීට වසර නවයකට ඉහතදී පැහැර ගැනීමකට ලක් වූ 'ද නේෂන්' පුවත්පතේ සංස්කාරවරයෙකු වශයෙන් කටයුතු කළ කීත් නෝයර්ට දරුණු ලෙස පහර දී තිබිණි.
ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව ඔහු විදෙස්ගත විය.
පසුගිය සමයේ කීත් නෝයර් ඇතුළු මාධ්‍යවේදීන් රැසක් පැහැරගැනීම් සහ ප්‍රහාරවලට ලක් වූ අතර ඇතමුන් ඝාතනය කෙරුණි.
මාධ්‍යවේදීන් පැහැර ගැනීම සහ ඔවුන්ට පහරදීම සම්බන්ධයෙන් එවකට ආරක්ෂක අංශවලට චෝදනා එල්ල වූ නමුත් ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබුණි.